AFC Banner
Empty Ad
Empty Ad

කොවිඩ් ආසාදිත අම්මලාගේ දරුවන් අනතුරේ

කොරෝනා ආසාදිත මවුවරුන්ගෙන් ළදරුවන් වෙන් කර තැබීමේ ප‍්‍රතිපත්තියක් අනුගමනය කිරීම නිසා ලොව පුරා රෝගීව හා අඩු බරකින් උපත ලබන ළදරුවන් එක්ලක්ෂ විසිපන් දහසක් පමණ දෙනා මිය යෑමේ හා බලවත් ලෙස රෝගාතුර වීමේ දැඩි අවදානමකට පත්ව සිටින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. කොරෝනා වසංගතයෙන් පීඩාවට පත් ව ඇති දුගී රටවල ළදරුවන් වැඩි වශයෙන් මෙම තත්ත්වයට මුහුණ පා සිටින බව එම සංවිධානය සඳහන් කර තිබෙනවා. ‘ලැන්සෙට්’ වෛද්‍ය සඟරාවේ පළ කර ඇති අලූත්ම අධ්‍යයන වාර්තාවකට අනුව කොරෝනා වසංගත සමයේ අලූත උපදින ළදරුවන් කොරෝනා වෛරස් ආසාදනයට ගොදුරු වීම වැළැක්වීම සඳහා මුල් දින කිහිපයේ ඔවුනගේ මවගෙන් ඈත් කර තැබීම හේතුවෙන් මෙම තත්ත්වය හටගෙන තිබෙන බවයි වාර්තා වී තිබෙන්නේ

මෙසේ කොරෝනා වසංගත සමයේ මවුවරුන් හා ඔවුන්ගේ අලූත උපත ලබන දරුවන් කොරෝනා ආසාදනයට ගොදුරු වී ඇති බව තහවුරු වී හෝ සැක සහිත තත්ත්වයක් පැවතිය ද එම ළදරුවන් හා මවුවරුන් වෙන් කරන ලද කාමරයක එකිනෙකාට සමීපව තැබීමට සෞඛ්‍ය අංශ විසින් පියවර ගත යුතු බව මෙම අධ්‍යයන වාර්තාව උපුටා දක්වමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාතෘ, නව ජන්ම, ළමා සෞඛ්‍ය පිළිබඳ අධ්‍යක්ෂ වෛද්‍ය අංශු බැනර්ජි පවසා තිබෙනවා. මෙහිදී කොරෝනා ආසාදනය පැතිරීම වැළැක්වීම තහවුරු කිරීමේ වැඩපිළිවෙළකට අනුව නිර්දේශිත සෞඛ්‍ය පුරුදු අනුගමනය කරමින් අලූත උපන් දරුවන් හා ඔවුන්ගේ මවුවරුන් එකිනෙකාට සමීපව තැබීමට කටයුතු කිරීමෙන් අඩු බර හා රෝගී ළදරුවන් එක් ලක්ෂ විසිපන්දහසකගේ පමණ ජීවිත බේරා ගත හැකි වන බව වෛද්‍ය බැනර්ජි සඳහන් කර තිබෙන බවයි වාර්තා වන්නේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?