කොවිඩ් ආසාදිත අම්මලාගේ දරුවන් අනතුරේ

කොරෝනා ආසාදිත මවුවරුන්ගෙන් ළදරුවන් වෙන් කර තැබීමේ ප‍්‍රතිපත්තියක් අනුගමනය කිරීම නිසා ලොව පුරා රෝගීව හා අඩු බරකින් උපත ලබන ළදරුවන් එක්ලක්ෂ විසිපන් දහසක් පමණ දෙනා මිය යෑමේ හා බලවත් ලෙස රෝගාතුර වීමේ දැඩි අවදානමකට පත්ව සිටින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. කොරෝනා වසංගතයෙන් පීඩාවට පත් ව ඇති දුගී රටවල ළදරුවන් වැඩි වශයෙන් මෙම තත්ත්වයට මුහුණ පා සිටින බව එම සංවිධානය සඳහන් කර තිබෙනවා. ‘ලැන්සෙට්’ වෛද්‍ය සඟරාවේ පළ කර ඇති අලූත්ම අධ්‍යයන වාර්තාවකට අනුව කොරෝනා වසංගත සමයේ අලූත උපදින ළදරුවන් කොරෝනා වෛරස් ආසාදනයට ගොදුරු වීම වැළැක්වීම සඳහා මුල් දින කිහිපයේ ඔවුනගේ මවගෙන් ඈත් කර තැබීම හේතුවෙන් මෙම තත්ත්වය හටගෙන තිබෙන බවයි වාර්තා වී තිබෙන්නේ

මෙසේ කොරෝනා වසංගත සමයේ මවුවරුන් හා ඔවුන්ගේ අලූත උපත ලබන දරුවන් කොරෝනා ආසාදනයට ගොදුරු වී ඇති බව තහවුරු වී හෝ සැක සහිත තත්ත්වයක් පැවතිය ද එම ළදරුවන් හා මවුවරුන් වෙන් කරන ලද කාමරයක එකිනෙකාට සමීපව තැබීමට සෞඛ්‍ය අංශ විසින් පියවර ගත යුතු බව මෙම අධ්‍යයන වාර්තාව උපුටා දක්වමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාතෘ, නව ජන්ම, ළමා සෞඛ්‍ය පිළිබඳ අධ්‍යක්ෂ වෛද්‍ය අංශු බැනර්ජි පවසා තිබෙනවා. මෙහිදී කොරෝනා ආසාදනය පැතිරීම වැළැක්වීම තහවුරු කිරීමේ වැඩපිළිවෙළකට අනුව නිර්දේශිත සෞඛ්‍ය පුරුදු අනුගමනය කරමින් අලූත උපන් දරුවන් හා ඔවුන්ගේ මවුවරුන් එකිනෙකාට සමීපව තැබීමට කටයුතු කිරීමෙන් අඩු බර හා රෝගී ළදරුවන් එක් ලක්ෂ විසිපන්දහසකගේ පමණ ජීවිත බේරා ගත හැකි වන බව වෛද්‍ය බැනර්ජි සඳහන් කර තිබෙන බවයි වාර්තා වන්නේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ ඇතෙකු සහ අලියෙක් නිවසකට කඩා පැනලා කරපු දේ
00:55
Video thumbnail
මගී ජීවිත තුට්ටුවකට දාලා බස් මහපාරේ කරන සෙල්ලම බලන්නකෝ
00:35
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.01
01:05:26
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53