ආයුර්වේද සංශෝධන පනත් කෙටුම්පත සංශෝධන සහිතව සම්මත වෙයි

ආයුර්වේදීය කංසා වගාවට අවසර ලබාදීම ඇතුළු ආයුර්වේදයේ ප්‍රවර්ධනයට අදාළ විධිවිධාන ඇතුළත් ආයුර්වේද සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී අද (5)ඡන්ද විමසීමකින් තොරව සංශෝධන සහිතව සම්මත විය.

ආයුර්වේද සම්භාහකයන් සහ සම්භාහකාවන් සඳහා “එන්.වී.කිව් ලෙවල් 4” මට්ටමේ පුහුණුවක් දී ආයුර්වේදයේ ලියාපදිංචිය ලබාදීම, බොරැල්ල ආයුර්වේද රෝහලේ නම ආයුර්වේද ජාතික රෝහල ලෙස සංශෝධනය කිරීම, ආයුර්වේද දෙපාර්තමේන්තුව වඩා කාරයක්ෂම කිරීම, ආයුර්වේද කොමසාරිස් තනතුර ආයතන ආයුර්වේද කොමසාරිස් ජනරාල් ලෙස උසස් කිරීම යනාදී කටයුතු සඳහා ප්‍රතිපාදන සැලසීමද මෙම පනත් කෙටුම්පතේ අරමුණයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?