ලංවිම ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ පනත ලබන මස පාර්ලිමේන්තුවට

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ පනත ලබන මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

පාර්ලිමේන්තුවේ දී අද (05) අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

නීතිපති දෙපාර්තමේන්තුවේ අනුමැතිය අදාළ පනත් කෙටුම්පතට හිමිවීමෙන් පසු එය අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බව ද ඔහු මෙහිදී සඳහන් කළා.

මේ අතර විදුලිබල මණ්ඩලයේ සේවකයන්ගේ කාර්යක්ෂමතාවය පිළිබඳ ගැටලු පවතින බවත් අවශ්‍ය තැන්වල දී සේවකයන් අඩුකිරීමට සිදුවන බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසුවා.

එමෙන්ම ඇතැම් සේවාවන්වලට සේවකයන් පිටතින් බඳවා ගැනීම් මණ්ඩලයට විශාල බරක් බව ද ඔහු සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?