විහාරස්ථානයක් ඉදි කිරීමට විරෝධයක් (වීඩියෝ)

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් ඇතුලු පිරිසක් ත්‍රිකුණාමලය සම්පල්තිව් ප්‍රදේශයේදී විරෝධතාවක නිරතවී තිබෙනවා.

නිලාවේලි මාර්ගයේ බොරළු කන්ද විහාරස්ථානය අසල පැවැත්වීමට සැලසුම් කර තිබූ මෙම විරෝධතාව උප්පුවේලි පොලිසිය මගින් ලබාගෙන තිබූ අධිකරණ නියෝගයක් හේතුවෙන් එම ස්ථානයේ පැවැත්වීමට අවසර හිමි වූයේ නැහැ.

ඒ අනුව එම අවස්ථාවට සහභාගී වූ මන්ත්‍රීවරයා ඇතුලු ප්‍රදේශවාසීන් සම්පල්තිව් ප්‍රදේශයේදී විරෝධතාවයේ නිරතවුණා.

එහිදී අදාළ අධිකරණ නියෝගය පොලිසිය විසින් පැමිණ සිටි විරෝධතාකරුවන්ට දැනුම්දීමෙන් පසු ඔවුන් එම ස්ථානයෙන් ඉවත්වී වෙනත් ස්ථානයක විරෝධතාවයේ නිරතවූ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

නිලාවේලි පෙරියකුලම් හන්දිය ආසන්නයේ නව විහාරස්ථානයක් ඉදි කිරීමට විරෝධතාවය දැක්වීම වෙනුවෙන් මෙම පිරිස විරෝධතාවයේ නිරතවී තිබෙනවා.

මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් පෙන්වා දෙන්නේ දෙුමුළ ජනතාව පමණක් ජිවත්වන එම ප්‍රදේශයේ අදාළ විහාරස්ථානය එම ස්ථානයේ ඉදි කිරීමට කිසිදු හේතුවක් නොමැති බවයි.

සිංහළ සහ දමිළ ජනතාව අතර සමගිය ඇති කිරීමට නම් මෙවැනි කටයුතු සිදු නොකරන ලෙසට රජයෙන් ඉල්ලා සිටින බව ද මන්ත්‍රීවරයා සඳහන් කළා.

ඔහු අවධාරණය කළේ දමිළ ජනතාව පමණක්ම ජීවත්වන පෙරියකුලම් ප්‍රදේශයේ විහාරස්ථානය ඉදි කිරීමේ අරමුණ වී ඇත්තේ එහි සිටින දමිළ ජනතාව ඉවත් කිරීම බවයි.

එබැවින් මෙලෙස විරෝධතාවයේ නිරතවන බව මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
1
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43