කෙහෙළියට එරෙහි විශ්වාසභංග යෝජනා විවාදය ලබන සතියේ

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහි විශ්වාස භංග යෝජනාව ලබන 6,7 සහ 8 තෙදින විවාදයට ගැනීමට අද (01) පෙරවරුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී තීරණය වී තිබෙනවා.

පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය සඳහන් කළේ පාර්ලිමේන්තුව එළඹෙන සතියේ 5 වැනි අඟහරුවාදා සිට 8 වැනි සිකුරාදා දක්වා රැස්වීමට නියමිත අතර එම සෑම දිනකම පෙරවරු 9.30 – 10.30 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන් කර ඇති බවයි.

සැප්තැම්බර් 5 වැනි අඟහරුවාදා පෙරවරු 10.30 සිට පස්වරු 5.00 දක්වා ආයුර්වේද (සංශෝධන) පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතව තිබෙනවා. අනතුරුව පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත් වන ශ්‍රී බාලාභිවෘධි වර්ධන සමිතිය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත, සමාධි ප්‍රජා සංවර්ධන පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම සිදු වනවා. ඉන්පසු පස්වරු 5.00 සිට 5.30 දක්වා රජය විසින් ගෙනෙන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව පිළිබද විවාදය පැවැත්වීමට නියමිතයි.

සැප්තැම්බර් 6 වැනි බදාදා පෙරවරු 10.30 ට විදේශ විනිමය පනත යටතේ අංක 2338/40 දරන අතිවිශේෂ ගැසට් නිවේදනයේ පළ කළ නියමය සහ ආනයන හා අපනයන (පාලන) පනත යටතේ අංක 2341/38 දරන අතිවිශේෂ ගැසට් නිවේදනයේ පළ කළ රෙගුලාසි විවාදයකින් තොරව අනුමත කර ගැනීමට මෙහිදී එකඟත්වය පළවී තිබෙනවා.

අනතුරුව පස්වරු 5.30 දක්වා සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහි විශ්වාස භංග යෝජනාව විවාදයට ගැනීමට නියමිතයි.
සැප්තැම්බර් 7 බ්‍රහස්පතින්දා සහ 8 වන සිකුරාදා පෙරවරු 10.30 සිට පස්වරු 5.30 දක්වා මෙම විවාදය දෙවැනි සහ තෙවැනි දිනටත් පැවැත්වීමට මෙහිදී තීරණය වූ බවයි මහලේකම්වරිය සඳහන් කළේ.

එසේම 8 වැනිදා පස්වරු 5.30ට පමණ යෝජනාවට අදාළ ඡන්ද විමසීම පැවත්වීමට ද නියමිතව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01