AFC Banner
Empty Ad
Empty Ad

අර්ජුන අගමැතිගෙන් ක්‍රීඩාව ගැන සොයන්න කොමිසමක් ඉල්ලයි

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පිළිබඳව සොයා බැලීම සඳහා කොමිසමක් පත් කරන ලෙස හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ගෙන් ඉල්ලීමක් කළා.

ඒ 1996 ක්‍රිකට් ලෝක ශූරයන්ට උපහාර පිරිනැමීම සඳහා අරලියගහ මන්දිරයේදී පැවති උත්සවයේදීයි.

” ඉස්සර ක්‍රිකට් තරග පාවාදීමේ ප්‍රධාන තැනක් ගත්තේ පාකිස්ථානයයි. නමුත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය දුෂන විරෝධී කාර්යාලයක් පිහිටෙව්වේ ලංකාවේ. මොකද අද තරග පාවා දීමේ ස්ථානයක් වෙලා තියෙන්නේ අපි. මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා පුලුවන්නම්  කොමිසමක් පත් කරලා පහුගිය කාලයේ මේ ක්‍රීඩාවට වෙච්ච විනාශය හොයල බලන්න කියලා “යැයි හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයා එහිදී සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?