09 වන ලෝක කුන්ෆු ශූරතා තරගාවලියට ශ්රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ශ්රී ලාංකික ක්රීඩක ක්රීඩිකාවන් රිදී පදක්කම් 02 ක් සහ ලෝකඩ පදක්කම් 06 දිනා (28) දින රාත්රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා .
මෙම තරගාවලිය ඉකුත් (22) දින සිට (27) දින දක්වා චීනයේ , එමිෂාන් ( Emeishan ) නුවර ලෝකයේ රටවල් 154 ක කුන්ෆු ක්රීඩක ක්රීඩිකාවන් 6,000 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් පවත්වා තිබුණි .
එහිදී ශ්රී ලංකා වූෂූ සම්මේලනය මගින් ශ්රී ලංකාව නියෝජනය කිරීම සදහා ක්රීඩක ක්රීඩිකාවන් 26 දෙනෙකු චීනය වෙත යොමු කර තිබුණි .මෙම ජයග්රාහී ක්රීඩක ක්රීඩිකාවන් පිරිස (28) දින රාත්රී 08.20 ට චීනයේ කුංමිං නුවර සිට චයිනා ඊස්ටන් ගුවන් සේවයේ එම්.යූ. – 713 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
මෙම පිරිස පිළිගැනීම සදහා මෙම සිසුන්ගේ දෙමාපියන් , පුහුණුකරුවන් , උපදේශකවරුන් , විනිසුරුවරුන් සහ විවිධ පළාත් වල වූෂූ සංගම් වල නියෝජිතයන් කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණයා.