AFC Banner
Empty Ad
Empty Ad

සාලිගේ ගිනි අවිය ගැන විමර්ශන

අපරාධ පරීක්ෂණ භාරයේ රදවා සිටින හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතාගේ වාහනයේ තිබූ ගිනි අවිය සම්බන්දයෙන් පුලුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කලේ සොයා ගනු ලැබූ පිස්තෝල වර්ගයේ ගිනි අවිය කුමන කාර්යක් සඳහා තබාගෙන සිටියේද යන්න විමර්ෂණය කරන බවයි.

මෙරට නීතිමය ක්‍රියාවලියට බලපෑම් කරමින් සිදුකල ආන්දෝලනාත්මක ප්‍රකාශය හේතුවෙන් ඔහු ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවේ කොල්ලුපිටිය ප්‍රදේශයේදීයි.

පසුව අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ සැකකරු දින 7 ක කාලයක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට පොලීසියට අවසර ලබා දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?