AFC Banner
Empty Ad
Empty Ad

ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත ගෙන්වන්න යයි

එක් මාත්‍රාවක් පමණක් ප්‍රමාණවත් වන ජොන්සන් ඇන්ඩ් ජොන්සන් කොවිඩ් මර්දන එන්නත මෙරට එන්නත්කරණ වැඩසටහන සඳහා යොදා ගැනීමට අවධානය යොමුව ඇති බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි.

මේ වනවිට මෙරට තුළ කොවිඩ් රෝගීන් වාර්තාවීමේ අඩුවීමක් දක්නට ලැබෙන බව අද (17) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී රාජ්‍ය අමාත්‍යවරිය පවසයි.

මේ වන විට විවිධ එන්නත් කෙරෙහි අවධානය යොමු වී ඇති අතර එම ආයතනවලින් ලියාපදිංචි වීමට කවුරුන් හෝ නියෝජිතයෙකු ඉල්ලිම් කලයුතු වේ .

එන්නත ලබා ගැනීම සඳහා ලියාපදිංවීමට අවශ්‍ය තොරතුරු ලබා දෙන ලෙස ෆයිසර් ආයතනයට දන්වා ඇති බව ඊයේ(16) ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපතිතුමන් පැවසූ බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය වැඩිදුරටත් පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?