AFC Banner
Empty Ad
Empty Ad

දුම්රිය වර්ජනය තාවකාලිකව අවසන්

දුම්රිය එන්ජින් රියැදුරන් සහ නියාමකවරුන් අද දහවල් ආරම්භ කළ වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවා තිබේ.

දුම්රිය එන්ජින් රියැදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා සඳහන් කළේ දුම්රිය රියදුරන් ඇතුළු කාර්ය මණ්ඩල නිලධාරීන් ආසාධාරණ විනය ක්‍රියාමාර්ගවලට විරෝධය පළ කරමින් මෙම වැඩවර්ජනය ආරම්භ කළ බවයි.

එම ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමෙන් අනතුරුව වැඩවර්ජනය තාවකාලිකව අත්හිට වූ බව ඉන්දික දොඩංගොඩ මහතා පැවසීය.

පස්වරු 3.00 දක්වා පැවැති එම වැඩවර්ජනය හේතුවෙන් දුම්රිය ප්‍රමාදයක් පැවති බව ද දුම්රිය පාලක මැදිරිය පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?