සඳ ජයගත් ඉන්දියාවට ශ්‍රී ලංකා ජනපතිගෙන් සුබපැතුම්

චන්ද්‍රයාන් 3 යානය ඉතා සාර්ථක ලෙස සඳෙහි දක්ෂිණ ධ්‍රැවයට ගොඩබස්සවමින් ඉන්දියාව ලැබූ සුවිශේෂී ජයග්‍රහණය පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ එරට ජනතාව වෙත සිය උණුසුම් සුබපැතුම් පිරිනමා තිබෙනවා.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා වෙත විශේෂ සුබපැතුම් පණිවිඩයක් යොමු කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ඉන්දියාව ලැබූ මෙම විශිෂ්ට සහ ඓතිහාසික ජයග්‍රහණය පිළිබඳ අසල්වාසී සහෝදර රාජ්‍ය ලෙස ශ්‍රී ලංකාව ද ආඩම්බරයට පත් වන බවයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙත නිකුත් කළ සම්පූර්ණ සුබපැතුම් පණිවිඩය පහතින්.

“ගරු නරේන්ද්‍ර මෝදි මැතිතුමනි,

චන්ද්‍රයාන් 3 යානය ඉතිහාසයේ ප්‍රථම වරට චන්ද්‍රයාගේ දක්ෂිණ ධ්‍රැවයේ ඉතා සාර්ථක ලෙස ගොඩබැස්සවීමෙන් ඉන්දියාව ලැබූ සුවිශේෂී ජයග්‍රහණය පිළිබඳව ඔබටත්, ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයේ (ISRO) කණ්ඩායමටත්, ඉන්දීය ජනතාවටත් මාගේ සහ සමස්ත ශ්‍රී ලාංකික ජනතාවගේ හෘදයාංගම සුබ පැතුම් පිරිනමමි.

අසල්වැසි සහෝදර රාජ්‍යයන් ලෙස ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර දෙරටට ආවේණික වූ දීර්ඝකාලීන මිත්‍රත්වයක් පවතින අතර, දකුණු ආසියානු පවුලේ සාමාජිකයින් ලෙස ද මෙම ඓතිහාසික සහ විශිෂ්ට ජයග්‍රහණය අප සමරන්නේ ඉමහත් ආඩම්බරයෙනි.

සියලු මනුෂ්‍ය වර්ගයා වෙනුවෙන් සිදුකළ මෙම කැපකිරීම ඔබගේ මහත්මා ගතිගුණය ලෝකයට මැනවින් පිළිබිඹු කරන අවස්ථාවක් බව ද කිව යුතුය. එය විද්‍යාත්මක හා තාක්‍ෂණික අංශයන්හි අඛණ්ඩ ප්‍රගතියක් අත්කර ගැනීම සඳහා ඉදිරි පරම්පරාවන් දිරිමත් කරන්නක් බව නොඅනුමානය.

සෞරග්‍රහ මණ්ඩලයේ අනෙකුත් ග්‍රහලෝක ගවේෂණය කිරීමේ ඔබගේ අනාගත දැක්ම සාක්ෂාත් කර ගැනීම සඳහා ඔබටත්, සියලුම විද්‍යාඥයින්ටත් සුභ ප්‍රාර්ථනා කිරීමට ද මම මෙය අවස්ථාවක් කර ගනිමි”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12