බස් රථයක් මහමඟදී නවතා රු. 50,000 ක මුදලක් කොල්ල කයි

කොළඹ සිට වව්නියාව බලා ධාවනය වෙමින් තිබූ පුද්ගලික බස් රථයක් අතර මගදී නවත්වා එහි රියදුරු සහ කොන්දොස්තරට පහර දී රුපියල් 50,000 ක මුදලක් කොල්ලක ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි ආරච්චිකට්ටුව පොලීසිය පැවසීය.

23 වෙනිදා රාත්‍රී 10.50 ට පමණ ආරච්චිකට්ටුව ප්‍රදේශයේ දී මෙම පහර දීම සිදුවී ඇත.

පහර කෑමට ලක්ව ඇති බස් රථයේ රියදුරු ලෙස කටයුතු කළ ටී.ධනුක විරාජ් ජයසූරිය යන අය ප්‍රතිකාර සදහා මුන්දලම දිසා රෝහලට ඇතුළත් කර තිබෙනවා.

තමන් විසින් පදවා ගෙන පැමිණි බස් රථය නතර කළ පිරිසක් තමන්ට සහ කොන්දොස්තර ලෙස සේවය කරන මදුරප්පෙරුම විදාන ආරච්චිලාගේ ධනුෂ්ක මධුෂංඛ යන අයට සහ තමන්ට පහර දුන් බවත්,ඔවුන් කොන්දොස්තරවරයා සතුව තිබූ රුපියල් 50,000 ක මුදලක් කොල්ලකා පලා ගිය බවත් රෝහල් ගත කර සිටින රියදුරු පවසා ඇත.පහර දීම සිදුවීමෙන් අනතුරුව බස් රථයේ රියදුරු මුන්දලම පොලීසියට ගොස් පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.

පහර දීම සිදුවී ඇත්තේ ආරච්චිකට්ටුව පොලිස් වසමේ වන බැවින් පැමිණිල්ල ආරච්චිකට්ටුව පොලීසියට යොමු කිරීමට මුන්දලම පොලීසිය කටයුතු කර ඇත. සැකකරුවන් හදුනා ගෙන නැත.

ආරච්චිකට්ටුව පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?