AFC Banner
Empty Ad
Empty Ad

හොර පාරෙන් ගෙන්වූ කෝටි 9ක භාණ්ඩ කුඩු

නීත්‍යානුකූල නොවන ලෙස මෙරට ගෙන්වීමෙන් පසුව ශ්‍රී ලංකා රේගුවේ පාරිභෝගික ආරක්ෂණ අංශය භාරයට භාණ්ඩ තොගයක් විනාශ කර තිබෙනවා.

ජංගම දුරකථන අමතර කොටස්, විදුලි උපකරණ, ගෘහ භාණ්ඩ, විසිතුරු බඩු සහ මෝටර් රථ අමතර කොටස් ඇතුළු රුපියල් කෝටි 9 කට ආසන්න වටිනාකමින් යුත් භාණ්ඩ තොගයකුයි මෙලෙස විනාශ කර ඇත්තේ.

මෙම භාණ්ඩ තොගයට මෝටර් රථ අමතර කොටස් 62,900ක් පමණ ඇතුළත් බව සඳහන්.

රේගුව සඳහන් කළේ මෙවැනි ව්‍යාජ භාණ්ඩ පරිහරණයෙන් පාරිභෝගිකයාට සැළකිය යුතු ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
3
+1
10
+1
3
+1
1
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?