ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ සංකල්පීය ප්‍රතිපත්ති රාමුව ගැන වාර්තාවේ කෙටුම්පත ජාතික සභාවට

ආහාර සුරක්ෂිතතාවය (කෘෂිකර්ම, සත්ත්ව පාලනය සහ ධීවර කටයුතු) පිළිබඳ සංකල්පීය ප්‍රතිපත්ති රාමුව පිළිබඳ වාර්තාවේ කෙටුම්පත ජාතික සභාවේ අනුමතිය සඳහා ඉදිරිපත් කර තිබෙනවා.

මෙම කෙටුම්පත ජාතික සභාවට ඉදිරිපත් කෙරුණේ ජාතික සභාව කථානායක මහින්ද යාපා අබේවර්ධන සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී යි.

කෙටි, මධ්‍යම හා දිගුකාලීන ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේදී ප්‍රමුඛතා හඳුනා ගැනීම පිළිබඳ ජාතික සභාවේ අනු කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විසින් ආහාර සුරක්ෂිතතාවය (කෘෂිකර්ම, සත්ත්ව පාලනය සහ ධීවර කටයුතු) පිළිබඳ සංකල්පීය ප්‍රතිපත්ති රාමුවක් සකස්කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්නගේ සභාපතිත්වයෙන් ක්‍රියාකාරී කමිටුවක් පත් කර තිබූ අතර එම ක්‍රියාකාරී කමිටුව විසිනුයි මෙම වාර්තාව ජාතික සභාවේ අනුමතිය සඳහා ඉදිරිපත් කර ඇත්තේ.

මෙහිදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනු කමිටුවක්ද පවතින බවයි. මේ නිසා එම අනු කමිටුව හා සාකච්ඡා කර එහි අදහස් මේ සඳහා ලබාගැනීම සුදුසු බව ඔහු ප්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව එම අමාත්‍ය මණ්ඩල අනු කමිටුවෙන්ද අවශ්‍ය අදහස් ලබාගැනීමට කටයුතු කරන බවයි නාමල් රාජපක්ෂ සඳහන් කළේ.

මෙම සංකල්පීය ප්‍රතිපත්ති රාමුව පිළිබඳ වාර්තාවේ කෙටුම්පත ජාතික සභාවට ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න මහතා සඳහන් කළේ විශාල කැපකිරීමක් සිදු කර ඒ ඒ පාර්ශ්වවල අදහස් ලබාගනිමින් මෙම කෙටුම්පත සකස් කර ඇති බවයි. එසේම පැරණි නීති සංශෝධනය විය යුතු ආකාරය පිළිබඳව ද මෙම කෙටුම්පත මගින් යෝජනා කර ඇති බවද හෙතෙම සඳහන් කළා.

මෙහිදී අදහස් දක්වමින් කෙටි, මධ්‍යම හා දිගුකාලීන ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේදී ප්‍රමුඛතා හඳුනා ගැනීම පිළිබඳ ජාතික සභාවේ අනු කාරක සභාවේ සභාපතිවරයා සඳහන් කළේ ජාතික සභාව මගින් ගනු ලබන තීරණ ක්‍රියාත්මක කිරීම පිළිබඳ වැඩි වශයෙන් අවධානය යොමු කළ යුතු බවයි.

මෙම ප්‍රතිපත්ති රාමුව සකස් කිරීම සඳහා එම ක්‍රියාකාරී කමිටුව මාස 10ක පමණ කාලයක් රැස්වී තිබුණා. වාරිමාර්ග අමාත්‍යාංශය, කෘෂිකර්ම අමාත්‍යාංශය, ධීවර අමාත්‍යාංශය, පරිසර අමාත්‍යාංශය, වැවිලි අමාත්‍යාංශය, සංචාරක හා ඉඩම් අමාත්‍යාංශය, වන හා සංරක්ෂණ අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය සහ වයඹ පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය, ඇතුළු විවිධ අමාත්‍යාංශවල ලේකම්වරුන් මෙන්ම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, ආහාර හා කෘෂිකර්ම සංවිධානය, නීතිපති දෙපාර්තමේන්තුව හා නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ අදහස් සහිතව මෙම සංකල්පීය ප්‍රතිපත්ති රාමුව සකස් කර තිබෙනවා.

එසේම ජාතික ප්‍රතිපත්ති කොමිෂන් සභාව පිහිටුවීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරුණු අතර එය පිහිටුවීම සඳහා වන අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇති බවත් එහි ඉදිරි පියවර සඳහා අමාත්‍ය මණ්ඩල ලේකම්වරයාගෙන් විමසීම යෝග්‍ය බවත් අග්‍රාමාත්‍යවරයා මෙහිදී යෝජනා කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32