AFC Banner
Empty Ad
Empty Ad

මෙරට හාරලක්ෂ අසූදහසකට රැකියා නෑ

2020 වසරේ මුල් කාර්තුව අවසන් වන විට මෙරට රැකියා විරහිත පුද්ගලයන් සංඛ්‍යාව හාරලක්ෂ අසූදහය ඉක්මවා තිබූ බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

2020 වසරේ රැකියා විරහිත පුද්ගලයන් සංඛ්‍යාව හාරලක්ෂ අසූතුන්දහස් එකසිය හැත්තෑ දෙකක් (483172ක්) වන අතර රැකියා වියුක්ති අනුපාතිකය 5.7%ක් ලෙස වාර්තා වී තිබේ.

2019 වසරේ පළමු කාර්තුවේදී මෙරට රැකියා වියුක්ති අනුපාතිකය 4.7ක් වේ. වසරක කාලසීමාවක් තුළදී මෙරට විරැකියාව 1%කින් ඉහළ ගොස් ඇත. තවද 2018 වසරේ පළමු කාර්තු​වේදී 52.6%ක් ලෙසින් වාර්තා වූ ශ්‍රම බලකාදායකත්ව අනුපාතිකය 2020 වන විට 51%ක් දක්වා අඩුවී තිබේ.

මේ අතරින් පිරිමි පුද්ගලයන් 3.7%ක් හා කාන්තාවන්ගෙන් 9.6%ක් විරැකියාවෙන් පසුවන අතර අපොස උසස් පෙළ සමතුන්ගෙන් 10.1%කට රැකියා නොමැති බවද ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. එසේම අපොස සාමාන්‍ය පෙළට වඩා පහළ අධ්‍යාපන මට්ටමක් සහිත පුද්ගලයන් අතර විරැකියා අනුපාතිකය 3.4ක් ලෙස වාර්තා වේ.

නිර්මාණි තිලකසිරි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?