මත්පැන් අලෙවිසැලේ ගුටි කෙළියෙන් දෙදරු පියා මරු වැළඳගනී

වව්නියාව, පූන්තොට්ටමු ප්‍රදේශයේ මත්පැන් අලෙවිසැලක දී අද (20) ඇති වූ ගැටුමක දී සිදුකළ පහරදීමකින් පුද්ගලයෙක් මියගොස් තිබෙනවා.

පුද්ගලයින් දෙදෙනෙක් අතර මෙම ගැටුම හටගෙන ඇති අතර, මෙලෙස මිය ගොස් ඇත්තේ වව්නියාව, මහරම්බකුලම් ප්‍රදේශයේ පදිංචි තංගරාසා ප්‍රදීපන් නැමති 36 හැවිරිදි දෙදරු පියෙක්.

ඝාතනය සිදුකළ පුද්ගලයා ප්‍රදේශයෙන් පළා ගොස් නිවසක සැඟව සිටිය දී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පුද්ගලයින් දෙදෙනා අද (20) දහවල් මත්පැන් අලෙවිසැලට පැමිණ ඇති අතර, එහිදී දෙදෙනා අතර බහින් බස්වීමක් සිදුව ඇති බවයි වාර්තා වුණේ.

පසුව එය ගැටුමක් දක්වා දුරදිග ගොස් මෙම ඝාතනය සිදුකර ඇති බවයි වව්නියාව පොලීසිය පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'දක්ෂිණා ප්‍රභා' - ජාතික වෙසක් මංගල්‍යය
01:50:59
Video thumbnail
ජනපති ඉදිරියේ බුදු දහම ගැන සැර කතාවක් කිව්ව සෝභිත හිමි - වර්තමානය නිවැරදි නොකරගත්තොත් අනාගතය අහිමියි
06:18
Video thumbnail
කොටි නායකයෙකුගේ ගුණ වයපු මන්ත්‍රීවරයාට වැඩ වරදියි
04:03
Video thumbnail
ටිල්වින් සිල්වා පාර්ලිමේන්තුවේ බලය හෑල්ලු කළා
04:49
Video thumbnail
මමයි විමලුයි හොඳ යාළුවෝ - කරදරයක් වුණාම බලන්න යනවා
04:49
Video thumbnail
බුලත්විට කා කෙළ ගැසූ අයට නිලධාරින් දුන්න දඬුවම - "හොඳට හෝදන්න - ආයේ කෙළ ගහන්න බෑ"
01:04
Video thumbnail
මන්ත්‍රී ධුරය අහෝසි කිරීම ගේන්නේ ආණ්ඩුවේ මන්ත්‍රීලා බලහත්කාරයෙන් තියාගන්න - එයාලා බයවෙලා
01:22
Video thumbnail
ටිල්වින් දැන් මැතිවරණ කොමසාරිස් වෙලා - කවද්ද දිවුරුම් දුන්නද දන්නේ නෑ
02:24
Video thumbnail
රනිල් දැන් රිටයර් වෙලා ඉන්නේ - ආයේ එනවද..?
04:24
Video thumbnail
ජාඇල උණුසුම් තත්ත්වයක් - අපේ වන්දි මුදල් මෙවුන් හොරා කාලා, හෙරියකුත් ඉන්නවා..අපි කන්නෙත් මහපාරේ
03:36