යුක්රේනයේ රඟහලකට රුසියානු මිසයිල ප්‍රහාරයක්

උතුරු යුක්රේනයේ චර්නිහිව් නගරයේ රඟහලකට එල්ල වූ රුසියානු මිසයිල ප්‍රහාරයකින් හය හැවිරිදි දැරියක් ඇතුළු හත් දෙනෙකු මිය ගොස් තිබෙනවා.

තවත් 144 දෙනෙකු තුවාල ලබා ඇති අතර ළමුන් 15 දෙනෙකු ද ඊට අයත් බවයි යුක්රේන ආරක්ෂක අංශ සඳහන් කළේ.

පුද්ගලයින් 25 දෙනෙකු පමණ රෝහල් ගතව නේවාසිකව ප්‍රතිකාර ලබමින් පසුවනවා.

මෙම මිසයිල ප්‍රහාරයෙන් ප්‍රධාන චතුරශ්‍රයකට සහ විශ්වවිද්‍යාල ගොඩනැගිල්ලකට ද හානි සිදුවී තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙම ප්‍රහාරය හෙළා දැක ඇති අතර “නීච” ප්‍රහාරයක් ලෙසටයි එම සංවිධානය ප්‍රකාශ කර ඇත්තේ.

මෙම ත්‍රස්තවාදී ප්‍රහාරයකට යුක්රේන සොල්දාදුවන් විසින් ස්ථිර වශයෙන්ම ප්‍රතිචාරයක් දක්වන බවට යුක්රේන ජනාධිපති Volodymyr Zelensky අවධාරණය කර තිබෙනවා.

චර්නිහිව් පිහිටා ඇත්තේ යුක්රේනයේ බෙලාරුස් දේශ සීමාවේ සිට කිලෝමීටර් 50ක් පමණ දකුණින්. 2022 පෙබරවාරි මාසයේ ආරම්භ කරන ලද ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ පූර්ණ පරිමාණ ආක්‍රමණයේ මුල් මාස කිහිපය තුළ රුසියානු හමුදා විසින් එය අත්පත් කර ගනු ලැබුවා.

නගරයේ ආකර්ශනීය රංග ශාලාවට මෙම මිසයිල ප්‍රහාරයෙන් බරපතල හානි සිදුවී ඇතැයි සඳහන්.

මෙම ප්‍රහාරයෙන් තමන් අතිශයින් කලබලයට පත් වූ බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කර තිබෙනවා.

“උදෑසන විශාල නගරයක ප්‍රධාන චතුරශ්‍රයට පහර දීම නින්දිතයි, මිනිසුන් ඇවිදිමින් සිටින අතර සමහරු යුක්‍රේනියානුවන් බොහෝ දෙනෙකුගේ ආගමික දිනයක් සැමරීමට පල්ලියට යනවා, ජාත්‍යන්තර මානුෂීය නීතිය යටතේ සිවිල් වැසියන්ට හෝ සිවිල් වස්තූන්ට එරෙහිව එල්ල කරන ප්‍රහාර දැඩි ලෙස තහනම්, එය නතර විය යුතුයි.” යුක්‍රේනයේ එක්සත් ජාතීන්ගේ වත්මන් ප්‍රධානී ඩෙනිස් බ්‍රවුන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

ප්‍රහාරයත් සමග නගරයේ දින තුනක ශෝක කාලයක් ද ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මෙම මිසයිල ප්‍රහාරය පිළිබඳ රුසියාව තවමත් අදහස් දක්වා නැහැ.

මේ අතර රුසියාව කියා සිටියේ යුක්රේන ඩ්‍රෝන යානයක් වයඹදිග නොව්ගොරොඩ් කලාපයේ හමුදා ගුවන් තොටුපළකට පහර දුන් අතර හටගත් ගින්නක් ඉක්මනින් නිවා දැමූ බවයි.

එක් ගුවන් යානයකට හානි සිදුව ඇති නමුත් ජීවිත හානි කිසිවක් වාර්තා වී නොමැති බව ද එහි වැඩිදුරටත් සඳහන්.

යුක්රේනය එම ඩ්‍රෝන් ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දක්වා නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32