බුර්කාව හා නිකාබය තහනම් කිරීමට රජය තීරණයක් ගෙන නැහැ

බුර්කාව සහ නිකාබය පැළදීම තහනම් කිරීම සම්බන්ධයෙන් රජය මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, මෙය හුදෙක් යෝජනාවක් පමණක් බවයි.

මේ වනවිට ඒ පිළිබඳව සාකච්ඡා වෙමන් පවතින බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

අප්‍රේල් 21 ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභවේ විමර්ශනයන්ට අනුව ජාතික ආරක්ෂක හේතූ මත අවශ්‍ය වන පූර්වාරක්ෂාව ලබා ගැනීම මෙම යෝජනාව සඳහා පදනම් වී තිබේ.

අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා වැඩිදුරටත් පැවසුවේ, අවශ්‍ය උපදේශන පැවැත්වීම සහ එකඟතාවකට පැමිණීමට ප්‍රමාණවත් කාලයක් ගත වනු ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොසොන් බලන්න ගිය පවුලට අත්වූ බිහිසුණු ඉරණම - මිත්තණිය සහ පුංචි පුතා එළොව යයි
02:29
Video thumbnail
සලේ කියලා අමුතු මිනිහෙක් නෙවෙයි..අපි හිරේ ගියත් මෙච්චරයි - කන බොන එක තීරණය කරන්නෙ තමන්මයි
01:16
Video thumbnail
බස් ගාස්තු ගැන අහද්දි මාලිමා මන්ත්‍රීට යකා නගියි - සහනය ජනතාවට ලැබිලනේ යකෝ
03:14
Video thumbnail
මහ රෑ ඇතෙකු සහ අලියෙක් නිවසකට කඩා පැනලා කරපු දේ
00:55
Video thumbnail
මගී ජීවිත තුට්ටුවකට දාලා බස් මහපාරේ කරන සෙල්ලම බලන්නකෝ
00:35
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.01
01:05:26
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19