AFC Banner
Empty Ad
Empty Ad

රෝගියෙක් බලන්න ඇවිත් රෝහලේම නතර වෙන්න තුවාල සිදු වූ ගැටුම

රෝගීන් බැලීමට පැමිණි පිරිසක් සහ රෝහලේ පෞද්ගලික ආරක්ෂක අංශ නිලධාරීන් පිරිසක් අතර කළුතර නාගොඩ මහ රෝහලේ ප්‍රධාන දොරටුව ඉදිරිපිට (16) පස්වරුවේ ඇතිවූ ගුටිබැට හුවමාරුවකින් තුවාල ලැබූ පුද්ගලයන් දෙදෙනෙකු රෝහල් ගත කර තිබෙනවා.

රෝගීන් බැලීමට පැමිණි පුද්ගලයකු සහ පෞද්ගලික ආරක්ෂක අංශ නිලධාරියෙකු මෙලෙස රෝහල් ගතකර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

නේවාසික රෝගීයෙකුගේ සුවදුක් බැලීමට 5 දෙනෙකු පමණ පැමිණ ඇති අතර ඔවුන් රෝහල් පරිශ්‍රය තුළට ඇතුළු වීමට යාම සම්බන්ධයෙන් ඇතිවූ කතාබහක් හේතුවෙන් ප්‍රධාන දොරටුව ඉදිරිපිටදී ගැටුම සිදුවී ඇතැයි සඳහන්.

රෝගියෙකු බැලිමට පැමිණි පුද්ගලයකු අත තිබූ අවසර පත්‍රය ආරක්ෂක නිලධාරියෙක් උදුරාගෙන ඇති බවත් ඉන්පසුව ඇතිවූ උණුසුම් තත්වය අතරතුර 15කට ආසන්න පිරිසක් ගුටිබැට හුවමාරුවට මැදිහත් වී ඇති බව අප වාර්තාකරු සඳහන් කළා.

පහරකෑ දෙදෙනාම නාගොඩ මහ රෝහලේ එකම වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටින බව සඳහන්.

මෙම ගැටුමෙන් තවත් කිහිප දෙනෙකු සුළු තුවාල ලබා තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති අතර නාගොඩ මහ රෝහල් පොලිසියේ ස්ථානාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
2
+1
2
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?