මහරගම ශාන්ත මරියා රෝමානු කතෝලික දේවස්ථානයට ඊයේ (14) අලුයම ඇතුළු වූ පුද්ගලයන් දෙදෙනෙක් එහි සවිකර තිබූ රූපවාහිනි යන්ත්‍ර හතරක් සොරාගෙන ගොස් තිබෙනවා.
මහරගම පොලිසිය සඳහන් කරන්නේ දේවස්ථානයේ දොරට දමා තිබූ අගුල ඉවත්කර ඊට ඇතුළු වී ඇති සොරුන් දෙදෙනා විනාඩි 15ක් පමණ කාලයක් තුළ සොරකම සිදුකර ඉන් පිටව ගොස් ඇති බවයි.
මීට පෙර අවස්ථා පහක දී ද මෙම දේවස්ථානයට ඇතුළු වී ඇති සොරුන් පිං කැටයේ තිබූ මුදල් සහ රූපවාහිනී යන්ත්‍ර දෙකක් ද සොරාගෙන ගොස් ඇති බවයි අනාවරණය වුණේ.
සොරුන් විසින් ඊයේ (14) අලුයම සොරාගෙන ගොස් තිබූ රූපවාහිනි යන්ත්‍ර හතතරේ වටිනාකම රුපියල් ලක්ෂ 05ක් පමණ වනවා.
සොරකම සිදුවන ආකාරය දේවස්ථානයේ සවිකර තිබූ සී.සී.ටී.වී. කැමරාවල ද සටහන් ව තිබෙනවා.














I CAN RECOLLECT INTO MY MIND VICTOR HUGU’S LA MISARABLE HEAWTH I.M.R.A.ILLIYAGOOLA SINHALATA PARIWARTHANAYA KALA “MANUTHAPAYA”. EKE BEESKUNWAHANSE (FATHER).
Where were you GOD