ලංකාවට ඇවිත් එංගලන්තයට පනින්න හැදූ චැඩ් ජාතික ගුරුවරයා අත්අඩංගුවට

වංචනික ලෙසට සකස් කළ කැනඩා විදෙස් ගමන් බලපත්‍රයකින් ශ්‍රී ලංකාවට ඇතුළු වී එංගලන්තය බලා යාමට පැමිණි චැඩ් ජාතික ගුරුවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ සවස කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී ආගමන විගමන නිලධාරීන් විසින් අත් අඩංගුවට ගත් මෙම පුද්ගලයා යළිත් ඔහු පැමිණි කටාර් රාජ්‍යය වෙත පිටුවහල් කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

31 හැවිරිදි මෙම පුද්ගලයා සෞදි අරාබියේ අරාබි භාෂාව උගන්වන චැඩ් ජාතික ගුරුවරයෙක්.

ඔහු ඊයේ සවස 04.30ට දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ QR – 654 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

අනතුරුව ඔහු නිශ්කාශන කටයුතු සඳහා ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ ආගමන විගමන නිලධාරී කවුළුව වෙත තම කැනඩා ගුවන් ගමන් බලපත්‍රය ඇතුළු අනෙකුත් ලියකියවිලි භාර දී තිබෙනවා.

එහිදී මෙම ගුවන් ගමන් බලපත්‍රය ප්‍රමිතියකින් තොරව සකස් කර ඇති බවට එහි සේවය කළ නිලධාරීවරයාට සැකයක් මතුවීම හේතුවෙන් චැඩ් ජාතික ගුවන් මගියා සහ ඔහු ඉදිරිපත් කළ ලියකියවිලි ප්‍රධාන ආගමන විගමන නිලධාරීවරයා වෙත යොමු කර ඇතැයි සඳහන්.

එහිදී සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ප්‍රකාශ කර ඇත්තේ තමන් චැඩ් ජාතිකයෙකු බවත් මෙම ගුවන් ගමන් බලපත්‍රය තම සහෝදරයෙකු විසින් සකස් කර දුන් එකක් බවයි.

තමන් මෙලෙස ශ්‍රී ලංකාවට පැමිණ දින 05කට පසුව එංගලන්තය බලා පිටත්ව යාමට සැලසුම් කර ඇති බව ද මෙම චැඩ් ජාතිකයා වැඩිදුරටත් අනාවරණය කර තිබෙනවා.

ඒ අනුව මෙම චැඩ් ජාතිකයා අත් අඩංගුවට ගත් ආගමන විගමන නිලධාරීන් ඔහු පැමිණි කටාර් රාජ්‍යයේ දෝහා වෙත පිටුවහල් කිරීම සඳහා කටාර් ගුවන් සේවයේ නිලධාරීන් වෙත භාර දී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
3
+1
1
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ජාතික නාමල් උයන නිර්මාතෘ පූජ්‍ය වනවාසි රාහුල හිමි සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
00:00
Video thumbnail
සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර දෙන එක රජයේ වගකීමක් නෙවෙයි..රජයක් ඉන්නේ නැකැත් දෙන්නද ?
03:05
Video thumbnail
ඇයි දෙයියනේ සංඝාධිකරණ පනත ගේන්න බැරි..අවුරුදු ගාණක් ආණ්ඩු තටබනවා.. ඔක්කොම මේකෙන් සුද්ද වෙනවා
04:13
Video thumbnail
මහානායකහිමිවරුන්ට වනවාසි රාහුල හිමිගෙන් සැර කතාවක් - භික්ෂූන්වහන්සේලා පාලනය කර ගැනීමේ හැකියාවක් නෑ
03:29
Video thumbnail
මාල කඩපු කෙල්ලෙක්ට මිනිස්සු එකතුවෙලා දුන්න දඬුවම - ඔය සිංහල කතා කරන්නේ බබා..අනුන්ට ගිනි ගින්දර දෙනවා
02:56
Video thumbnail
රවී ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි..අපි කලින්ම කිව්වනේ මේක වෙනවා කියලා..සාස්තරකාරයෝ වෙන්න ඕනි නෑ
06:37
Video thumbnail
නායකත්වය ලැබීම ගැන කුසල් මෙන්ඩිස් කියපු දේ..කවුරු කැප්ටන් කළත් අපේ Target එකයි
06:30
Video thumbnail
ලංකාවේ ඩීසල් පෙට්‍රල් හිඟයක්ද? CPC එකෙන් සියල්ල හෙළිකරයි
02:45
Video thumbnail
ත්‍රීවීල් එකකට රෝද තුනක් දීලා තියෙන්නේ මෙහෙම දෙකකින් යන්නද ?..වාහනත් නවත්තගෙන වැඩ පෙන්නන හැටි
00:44
Video thumbnail
අටමස්ථානාධිපතිට දේවීන්වහන්සේලා දෙන්නෙක් ? මානසික රෝගියෙක්නේ - DNA වෙනස් වෙයිද ?
05:48