ව්‍යාජ චීන පාස්පෝට්වලින් නෙදර්ලන්තයට යන්න හැදූ ඉන්දියානුවන් දෙදෙනා කටුනායක දී කොටු

ව්‍යාජ ලෙස සකස් කළ චීන ගුවන් ගමන් බලපත්‍ර භාවිත කර නෙදර්ලන්තය වෙත පැන යාමට තැත් කළ ඉන්දීය ජාතිකයන් දෙදෙනෙකු අද (12) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ දී ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

ටිබෙට් සම්භවයක් සහිත මොවුන් දෙදෙනාගෙන් 43 හැවිරිදි පිරිමි පුද්ගලයා ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයේ පදිංචිකරුවෙක්.

ඔහු සමඟ සිටින 39 හැවිරිදි කාන්තාව උත්තර්කාකාන්ද් ප්‍රාන්තයේ පදිංචිකාරිනියක් බවයි අනාවරණය වී ඇත්තේ.

මොවුන් දෙදෙනා ඉකුත් ජුනි මස 26 වැනි දින සංචාරක වීසා යටතේ ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.

මොවුන් අද (12) අලුයම 04.45ට අල් ජසීරා ගුවන් සේවයේ ජේ.9552 දරණ ගුවන් යානයෙන් මුලින්ම කුවේට් බලා පිටත්ව යාම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

අනතුරුව මොවුන් කුවේට් සිට තුර්කියේ ඉස්තාම්බුල් නුවර වෙත ගොස් එතැන් සිට නෙදර්ලන්තය බලා යාමටයි සැළසුම් කර ඇත්තේ.

ඔවුන් ගුවන් යානා නිශ්කාශන කටයුතු කර ගැනීම සදහා අල් ජසීරා ගුවන් සේවා කවුළුව වෙත ගොස් සිටියදී, එම ගුවන් සේවා නිලධාරීන්ට මොවුන්ගේ ලියකියවිලි පිළිබඳව ඇති වූ සැකය මත මොවුන් දෙදෙනා ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබෙනවා.

එහිදී එම නිලධාරීන් විසින් සිදුකළ තාක්ෂණික පරීක්ෂණවල දී මොවුන් ඉදිරිපත් කර ඇති චීන ගුවන් ගමන් බලපත්‍ර දෙක ව්‍යාජ ලෙස සකස් කළ ඒවා බවටයි අනාවරණය වී ඇත්තේ.

ඉන්පසුව ඔවුන්ගේ ගමන් මළු පරීක්ෂා කළ එම නිලධාරීන් , ඒවා තුළ සඟවා ගෙන තිබූ සත්‍ය ඉන්දීය ගුවන් ගමන් බලපත්‍ර දෙක ද සොයාගැනීමට හැකිව තිබෙනවා.

එහිදී මෙම ඉන්දීය ජාතිකයන් දෙදෙනාගෙන් වැඩිදුරටත් ප්‍රශ්න කිරීම් සිදුකර ඇති අතර, තමන් මෙම ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර දෙක සකස් කර ගැනීමට ඇමෙරිකානු ඩොලර් 6,000ක මුදලක් තැරැව්කරුවෙකුට ලබාදුන් බවත් , එම ගුවන් ගමන් බලපත්‍ර දෙක, ශ්‍රී ලංකාවට පැමිණි ඉන්ඩිගෝ ගුවන් යානය තුළ දී මෙම තැරැව්කරුවා විසින් තමන්ට භාරදුන් බව ප්‍රකාශ කර තිබෙනවා.

ඒ, අනුව මෙම ඉන්දීය ජාතිකයන් දෙදෙනා ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දීමර කටයුතු කර ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?