ව්‍යාජ චීන පාස්පෝට්වලින් නෙදර්ලන්තයට යන්න හැදූ ඉන්දියානුවන් දෙදෙනා කටුනායක දී කොටු

ව්‍යාජ ලෙස සකස් කළ චීන ගුවන් ගමන් බලපත්‍ර භාවිත කර නෙදර්ලන්තය වෙත පැන යාමට තැත් කළ ඉන්දීය ජාතිකයන් දෙදෙනෙකු අද (12) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ දී ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

ටිබෙට් සම්භවයක් සහිත මොවුන් දෙදෙනාගෙන් 43 හැවිරිදි පිරිමි පුද්ගලයා ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයේ පදිංචිකරුවෙක්.

ඔහු සමඟ සිටින 39 හැවිරිදි කාන්තාව උත්තර්කාකාන්ද් ප්‍රාන්තයේ පදිංචිකාරිනියක් බවයි අනාවරණය වී ඇත්තේ.

මොවුන් දෙදෙනා ඉකුත් ජුනි මස 26 වැනි දින සංචාරක වීසා යටතේ ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.

මොවුන් අද (12) අලුයම 04.45ට අල් ජසීරා ගුවන් සේවයේ ජේ.9552 දරණ ගුවන් යානයෙන් මුලින්ම කුවේට් බලා පිටත්ව යාම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

අනතුරුව මොවුන් කුවේට් සිට තුර්කියේ ඉස්තාම්බුල් නුවර වෙත ගොස් එතැන් සිට නෙදර්ලන්තය බලා යාමටයි සැළසුම් කර ඇත්තේ.

ඔවුන් ගුවන් යානා නිශ්කාශන කටයුතු කර ගැනීම සදහා අල් ජසීරා ගුවන් සේවා කවුළුව වෙත ගොස් සිටියදී, එම ගුවන් සේවා නිලධාරීන්ට මොවුන්ගේ ලියකියවිලි පිළිබඳව ඇති වූ සැකය මත මොවුන් දෙදෙනා ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබෙනවා.

එහිදී එම නිලධාරීන් විසින් සිදුකළ තාක්ෂණික පරීක්ෂණවල දී මොවුන් ඉදිරිපත් කර ඇති චීන ගුවන් ගමන් බලපත්‍ර දෙක ව්‍යාජ ලෙස සකස් කළ ඒවා බවටයි අනාවරණය වී ඇත්තේ.

ඉන්පසුව ඔවුන්ගේ ගමන් මළු පරීක්ෂා කළ එම නිලධාරීන් , ඒවා තුළ සඟවා ගෙන තිබූ සත්‍ය ඉන්දීය ගුවන් ගමන් බලපත්‍ර දෙක ද සොයාගැනීමට හැකිව තිබෙනවා.

එහිදී මෙම ඉන්දීය ජාතිකයන් දෙදෙනාගෙන් වැඩිදුරටත් ප්‍රශ්න කිරීම් සිදුකර ඇති අතර, තමන් මෙම ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර දෙක සකස් කර ගැනීමට ඇමෙරිකානු ඩොලර් 6,000ක මුදලක් තැරැව්කරුවෙකුට ලබාදුන් බවත් , එම ගුවන් ගමන් බලපත්‍ර දෙක, ශ්‍රී ලංකාවට පැමිණි ඉන්ඩිගෝ ගුවන් යානය තුළ දී මෙම තැරැව්කරුවා විසින් තමන්ට භාරදුන් බව ප්‍රකාශ කර තිබෙනවා.

ඒ, අනුව මෙම ඉන්දීය ජාතිකයන් දෙදෙනා ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දීමර කටයුතු කර ඇති බවයි වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46