AFC Banner
Empty Ad
Empty Ad

පොලිස් SI නිල ඇඳුමෙන් සැරසුණු පන්නිපිටියේ හොරා පොලිස්

උප පොලිස් නිල ඇඳුම ව්‍යාජ ලෙස භාවිත කළ පුද්ගලයකු පන්නිපිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු උප පොලිස් පරීක්ෂක නිල ඇඳුම භාවිත කරමින් විවිධ ව්‍යාපාර කටයුතු සහ අනෙකුත් විවිධ කටයුතු කර ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.
 
මේ සම්බන්ධයෙන් බස්නාහිර පළාත දකුණ විශේෂ අපරාධ විමර්ශන ඒකකය මගින් සිදුකරන ලද පරීක්ෂණයකින් අනතුරුව පන්නිපිටිය, පොල්වත්ත ප්‍රදේශයේදී අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඔහු රක්වාන ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙක් බවයි වාර්තා වන්නේ. මේ පුද්ගලයා උප පොලිස් පරීක්ෂක නිල ඇඳුමෙන් සමාජ ජාල මාධ්‍ය තුල ද පෙනී සිට ඇති බවයි මෙතෙක් සිදුකරන ලද පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ව්‍යාජ ලෙස සැකසූ පොලිස් හැඳුනුම්පතක් ද ඔහු සන්තකව තිබී හමුව තිබෙනවා. මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?