මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්

එළඹෙන සති අන්තයේ කුරුණෑගල නගරය ආවරණය වන පරිදි දෙදින ජංගම මෝටර් රථ ප්‍රවාහන සේවාවක් ක්‍රියාත්මක කරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසනවා.

එම ජංගම මෝටර් රථ ප්‍රවාහන සේවය ලබන සෙනසුරාදා (12) සහ ඉරිදා (13) පෙරවරු 08.30 සිට පස්වරු 05.30 දක්වා ශ්‍රීමත් ජෝන් කොතලාවල විද්‍යාලයේදී යි පැවැත්වෙන්නේ.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව (DMT), වයඹ පළාත් කාර්යාලය සහ කුරුණෑගල දිස්ත්‍රික් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව මෙය සංවිධාන කර තිබෙනවා.

සැලසුම් කර ඇති ජංගම මෝටර් රථ ප්‍රවාහන සේවය තුළදී සේවාවන් කිහිපයක් ජනතාවට පිරිනැමීමට නියමිතයි.

ලියාපදිංචි සහතිකයේ සංශා්ධන සිදු කිරීම, රාජ්‍ය නිලධාරීන්ට ලබාදුන් යතුරුපැදිවල කොන්දේසි ඉවත් කර ඒවා අදාළ නිලධාරීන්ට පවරා දීම, රියදුරු බලපත්‍ර අයදුම්පත්‍ර භාර ගැනීම, සියලුම වාහන සඳහා පැවරුම් සහතික ලබා ගැනීම, වාහන පරීක්ෂා කර බර සහතිකය හෝ අනන්‍යතා සහතිකය ලබාදීම, සිලින්ඩර ධාරිතාව 50ට අඩු ලියාපදිංචි නොකළ යතුරුපැදි ලියාපදිංචිය, සාක්ෂරතාවය අඩු පුද්ගලයින් සඳහා රියදුරු බලපත්‍ර ලබාදීමට විශේෂ විභාග පැවැත්වීම ඇතුලු සේවා රැසක් මෙහිදී ලබා ගැනීමට හැකියාව පවතිනවා.

මෝටර් රථ දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ අතරමැදියන්ට හසු නොවී තම දෙපාර්තමේන්තුවෙන් ඉටු විය යුතු සේවාවන් එදිනට පහසුවෙන් ලබා ගත හැකි බවයි.

DMT notice


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
25ස් හැවිරිදී තරුණයෙකු එළොව යැවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු
01:10
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු - දෙවියනේ..මහ ගින්නක්
01:24
Video thumbnail
"කරුණාකරලා යන්න.. මෙතන ඉන්න එපා.. මොන එහෙකටද ඇම්බියුලන්ස් ගෙන්නුවේ."
01:09
Video thumbnail
ඇම්බියුලන්ස් එකක් නිසා සජිත්ට යකා නගියි - ඇයි අර ඇම්බියුලන්ස්..කරුණාකරලා යන්න ඉස්පිරිතාලෙට
02:25
Video thumbnail
නංගිව පෙන්නලා ආච්චිව දෙන්නයි යන්නේ..ආච්චි භයානකයි..රනිල් කවුද? අනිල් කවුද?
02:37
Video thumbnail
හිමි නමක් කොට්ටහච්චිට දෙසයි - පාස්පෝට් එකක් අරගෙන ගිහින් උගන්ඩාවේ සල්ලි අරන් එන්ඩ...?
03:21
Video thumbnail
ජිනානන්ද හිමිගෙන් ආණ්ඩුවට චෝදනා - පැලවත්තේ කල්ලිය රටට එරෙහි කුමන්ත්‍රණයක් කරනවා ?
01:38
Video thumbnail
පිරිසිදු ජල සිහිනය සිහිනයක්ම නොවෙන්න දුන් සජිත් ප්‍රේමදාස - ගොඩක් පින් සිද්ධවෙනවා..උතුම් වැඩක්
03:38
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22