බාලවයස්කාර දරුවන් දෙදෙනෙකුට මුත්‍රා පොවා දස වද දීලා – හයක් පොලිස් දැලේ

සොරකම් කිරීමක් සම්බන්ධයෙන් සැකපිට අල්ලාගත් බාල වයස්කාර පිරිමි දරුවන් දෙදෙනෙකුට අමානුෂික අයුරින් වද හිංසා පැමිණවීමේ සිදුවීමක් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

උත්තර් ප්‍රදේශ් හි සිද්ධාර්ත්නගර් ප්‍රදේශයෙන් මෙම සිදුවීම වාර්තා වී ඇති අතර, පිරිසක් විසින් අදාළ ළමුන් දෙදෙනාට වද හිංසා සිදුකරන අයුරු දැක්වෙන වීඩියෝවක් ද ඊයේ දිනයේ සිට සමාජ මාධ්‍යවල සැරිසරන බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.

කුකුළු මස් සොරකම් කිරීමක් සම්බන්ධයෙන් අවුරුදු 10 සහ 15 යන වයස්වල පසුවන මෙම පිරිමි දරුවන් දෙදෙනා සැකපිට පිරිසක් විසින් අල්ලාගෙන තිබෙනවා.

එහිදී ඔවුන් විසින් දරුවන් දෙදෙනාට මුත්‍රා බීමට සලස්වා, ඔවුන්ගේ ගුද මාර්ගයේ අමු මිරිස් අතුල්ලමින් මෙලෙස වද හිංසා සිදුකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

අනතුරුව කිසියම් එන්නත් වර්ගයක් ද දරුවන්ට ශරීර ගතකර ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

අදාළ වීඩියෝව සමාජ මාධ්‍යයේ සංසරණය වීමත් සමඟ මේ සම්බන්ධයෙන් විමර්ශන ඇරඹු පොලිසිය මෙම සිද්ධියට සම්බන්ධ සැකරුවන් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මේ අතර ළමුන් දෙදෙනාට මෙලෙස වද හිංසා සිදුකරන මෙම වීඩියෝව රූගත කර ඇත්තේ අගෝස්තු 04 වැනිදා බවට ද අනාවරණය වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
2
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?