බාලවයස්කාර දරුවන් දෙදෙනෙකුට මුත්‍රා පොවා දස වද දීලා – හයක් පොලිස් දැලේ

සොරකම් කිරීමක් සම්බන්ධයෙන් සැකපිට අල්ලාගත් බාල වයස්කාර පිරිමි දරුවන් දෙදෙනෙකුට අමානුෂික අයුරින් වද හිංසා පැමිණවීමේ සිදුවීමක් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

උත්තර් ප්‍රදේශ් හි සිද්ධාර්ත්නගර් ප්‍රදේශයෙන් මෙම සිදුවීම වාර්තා වී ඇති අතර, පිරිසක් විසින් අදාළ ළමුන් දෙදෙනාට වද හිංසා සිදුකරන අයුරු දැක්වෙන වීඩියෝවක් ද ඊයේ දිනයේ සිට සමාජ මාධ්‍යවල සැරිසරන බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.

කුකුළු මස් සොරකම් කිරීමක් සම්බන්ධයෙන් අවුරුදු 10 සහ 15 යන වයස්වල පසුවන මෙම පිරිමි දරුවන් දෙදෙනා සැකපිට පිරිසක් විසින් අල්ලාගෙන තිබෙනවා.

එහිදී ඔවුන් විසින් දරුවන් දෙදෙනාට මුත්‍රා බීමට සලස්වා, ඔවුන්ගේ ගුද මාර්ගයේ අමු මිරිස් අතුල්ලමින් මෙලෙස වද හිංසා සිදුකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

අනතුරුව කිසියම් එන්නත් වර්ගයක් ද දරුවන්ට ශරීර ගතකර ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

අදාළ වීඩියෝව සමාජ මාධ්‍යයේ සංසරණය වීමත් සමඟ මේ සම්බන්ධයෙන් විමර්ශන ඇරඹු පොලිසිය මෙම සිද්ධියට සම්බන්ධ සැකරුවන් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මේ අතර ළමුන් දෙදෙනාට මෙලෙස වද හිංසා සිදුකරන මෙම වීඩියෝව රූගත කර ඇත්තේ අගෝස්තු 04 වැනිදා බවට ද අනාවරණය වී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් රාජපක්ෂ අධිකරණයට රැගෙන ආ අයුරු මෙන්න - වැඳගෙනම බස් එකෙන් බහින හැටි
00:28
Video thumbnail
නාමල් රාජපක්ෂට, මහින්දට සෙත් පතා බෝධි පූජාවක් - නෙළුම් මල් 1000ක් පූජා කරයි
01:47
Video thumbnail
මහින්දලා කරන වැඩනේ මේ - අනුරට කරගෙන යන්න දෙන්න ඕනි..දුම්රිය වර්ජනයට මහින්දට චෝදනා
02:28
Video thumbnail
වෙ# පත්තුවූ දෙමටගොඩ කළු පාලම යට මහේස්ත්‍රාත් පරීක්ෂාව සිදු කරන අයුරු
01:07
Video thumbnail
දුම්රිය වර්ජනය ගැන ජනතාවගේ අදහස - "ටිකට් නැතුව යන් මහත්තයෝ කමක්නෑ "
04:01
Video thumbnail
මාර්ගයෙන් ඉවතට පැන කුඹුරකට වැටුණු වෑන් රථය - රියදුරුට නින්ද ගිහින් වෙච්ච දෙයක්
00:32
Video thumbnail
පානදුර කුඩු සළිඳුගේ අනුගාමික යුවලක් හෙරොයින් සමඟ කොටුවෙයි - ලක්ෂ 63ක මුදලකුත් මාට්ටු
00:39
Video thumbnail
දෙහිවල බෝම්බය ග#න්න ආ සෙට් එක නැවතුම ලැගුම් හල - CCTV දර්ශන එළියට එයි
01:34
Video thumbnail
ගුරු මෑණියන්ගේ සිහිනය සැබෑ කරන්න විදුමව් තුරුලට පැමිණි දරුවෝ
03:43
Video thumbnail
සර් සර් විනාඩියක්
00:46