තමීම් බංග්ලාදේශ එක්දින නායකත්වයෙන් ඉවතට – ආසියානු කුසලාන‍යත් අහිමිව යයි

බංග්ලාදේශයේ ජ්‍යෙෂ්ඨතම පිතිකරු තමීම් ඉක්බාල් වහාම ක්‍රියාත්මක වන පරිදි එක්දින නායකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.

එමෙන්ම තමීම් එළෙඹෙන ආසියානු කුසලාන තරගාවලියෙන් ඉවත්ව ඇති බව ද වාර්තා වනවා.

පිට කොන්දේ ආබාධයක් හේතුවෙන් 34 හැවිරිදි තමීම් මෙලෙස තරගාවලියෙන් ඉවත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

කෙසේ වෙතත් සැප්තැම්බර් 21 වනදා ආරම්භ වන නවසීලන්තයට එරෙහි එක්දින තරඟාවලිය සඳහා ඔහු සුව වනු ඇති බවයි බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය සඳහන් කළේ.

තමීම් පසුගිය ජුලි 06 වැනිදා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගන්නා බවට නිවේදනය කළ නමුත්, පසුදින පස්වරුවේ බංග්ලාදේශ අගමැතිනි ෂීක් හසීනා හමුවූ අවස්ථාවේ දී ඔහුගේ තීරණය ආපසු වෙනස්කර ගන්නා ලෙස ඉල්ලා සිටියා.

එම ඉල්ලීමට අනුවයි තමීම් ඉක්බාල් සිය විශ්‍රාම ගැනීමේ තීරණය ආපසු හරවා ගත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ට රු.54000ක් ගෙවීම කිසිසේත් සාධාරණ නෑ - මට මිනිස්සු ග#යි අවුලක් නෑ
07:09
Video thumbnail
රවී - චතුරංග CoPF එකේ ගැටෙයි ? මෙහෙම රටක් ගෙනියන්න බෑනේ - බංකොළොත් වුණේ බදු එකතු කරපු නැති හින්දා
22:50
Video thumbnail
පාඩු ලබන සහ අනවශ්‍ය රජයේ ආයතන වසා දැමීම ගැන හර්ෂ කට අරියි - අනවශ්‍ය ආයතන අයින් කරලා දාන්න
09:00
Video thumbnail
කොට කලිසමත් ගහගෙන මහසෙන් ඇතා හමුවූ සජිත්
00:45
Video thumbnail
බැකෝ සමන්ගේ මවට වෙ# තැබීමට වෙ#ක්කරුවන් පැමිණි හැටි
00:59
Video thumbnail
කල්ඉකුත් වූ ද්‍රව්‍යය භාවිතා කළ දෙහිවල සැලෝන් එකක් වටලයි
01:23
Video thumbnail
කොට කලිසමත් ගහගෙන මහසෙන් ඇතා හමුවූ සජිත් - කොහොමද ගැම්මට පොටෝ ගහන හැටි
01:08
Video thumbnail
මෙයාලගේ ගජ මිතුරෝ රජයට බදු ගෙවලා නෑ - ජන අරගල ව්‍යාපාරය මහ පාරට බැහැලා දෙවනත් කරයි
07:20
Video thumbnail
බැකෝ සමන්ගේ මව එළොව යැවූ වෙ#ල්ල - වෙ#ක්කරුවන් පැමිණි හැටි - CCTV කැමරාවේ සටහන් වූ අයුරු
01:22
Video thumbnail
ජනපති හමුවූ නීතිඥයින්ට අපිලගේ සාදු දෙසයි - ජනපතිගේ ගැටේට නීතිඥ සංගමය අහුවුණා
04:00