අප්‍රේල් පළමු වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිත ලීසිං සහනය

කොවිඩ් වසංගතය හේතුවෙන් මගී ප්‍රවාහන ක්ෂේත්‍රයේ නියුතු වූවන් සඳහා ලබා දී තිබු ණය හා ලීසිං සහන පැකේජය තවත් මාස 6කින් දීර්ඝ කර තිබෙනවා.

ඔවුන් සඳහා වන ලිසිං පහසුකම් දීර්ඝ කිරීමේ චක්‍රලේඛය නිකුත් කර ඇති අතර එම චක්‍රලේඛය නිකුත් කර ඇත්තේ සියලුම බලපත්‍රලාභී බැංකු හරහා ස්ථාවර ලෙස මෙම සහන ක්‍රියාත්මක කිරීම සඳහායි

ඒ අනුව පොදු මගී ප්‍රවාහනය ,පාසල් ප්‍රවාහන සේවය ,කාර්යාල ප්‍රවාහන සේවය ,සංචාරකයින් සඳහා ප්‍රවාහන පහසුකම් සැපයීමේ නිරත ආයතන සහ පුද්ගලයින් ,ත්‍රි රෝද ඇතුළු කුලී රථ වැනි පෞද්ගලික මගී ප්‍රවාහන පහසුකම් සැපයීමේ නිරත ව්‍යාපාර සහ පුද්ගලයින් සඳහා මෙම සහන හිමිවනු ඇති.

මෙම ලීසිං සහනය එළෙඹෙන අප්‍රේල් පළමු වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

කල්බදු වාරික කල් දැමීම සඳහා ණය ගැතියන් විසින් අප්‍රේල් 19 වැනිදාට පෙර ලිඛිතව හෝ විද්‍යුත් තැපැල හරහා ඉල්ලීමක් කළ යුතු බව අදාළ චක්‍රලේඛයේ සඳහන්.

ණය සහන ලබාදීමේ චක්‍රලේඛය ඉදිරි සති කිහිපය තුළ නිකුත් කිරීමට මහ බැංකුව එකඟතාව පළ කර ඇති බවද වාර්තා වනවා.

සුදුසුකම් ලබන ණය ගනුදෙනුකරුවන් හට මෙම ණය සහන යෝජනා ක්‍රමය පිළිබඳ වැඩිදුර තොරතුරු, අදාළ මූල්‍ය ආයතන වෙතින් ලබා ගත හැකි අතර, මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මූල්‍ය ආයතන වෙත නිකුත් කරන ලද චක්‍රලේඛ ශ්‍රී ලංකා මහ බැංකුවේ වෙබ් අඩවියෙහි (www.cbsl.gov.lk) දක්වා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැඩි STF රැකවල් මැද වනාතවිල්ලුවට රැගෙන ගිය 170kgක මත්ද්‍රව්‍ය තොගය විනාශ කළ හැටි
02:36
Video thumbnail
දැඩි විරෝධතා මැද පයින්ම මතුගම සභාපති පොලිසියෙන් රැගෙන යයි.."මේ ක්‍රියාත්මක වෙන්නේ පැලවත්තේ නීතිය"
03:16
Video thumbnail
අධිකරණ ඇමතිගෙන් පාතාලයට රතු එළි.."පාතාලය ඉවර වෙන්නේ අපේ ආණ්ඩු කාලය ඇතුළේ"
05:24
Video thumbnail
මතුගම ප්‍රාදේශිය සභාවේ ගාලගෝට්ටියක්..පොලිසිය අල්ලන්න එද්දි සේවකයෝ සභාපතිව කාමරයට දාලා වහලා
02:53
Video thumbnail
නුවර එකම ජරමරයක්..නුවර කඩ සාප්පු ඉවත් කරයි..වෙළඳුන් උණුසුම් වෙයි - පොලිසියත් කැඳවයි
05:59
Video thumbnail
වරෙන් වරෙන් හු##..ඔප්පු කරන්න පුළුවන්නම්..අහක යන ප්‍රශ්ණවලට උඹලට බැදෙන්න බෑ රාළහාමි
03:21
Video thumbnail
මෙට්ට ගැන කතා කරපු පුහුණුකරු පොලිසියට කැදවයි..විනාශය පෙන්නුවේ..විවේචනය කරන්න අපිට අයිතියක් තියෙනවා
06:30
Video thumbnail
ජනාධිපති රාමඤ්ඤ, අමරපුර මහා නාහිමිවරු බැහැදැක ආශීර්වාද ලබා ගනී
01:33
Video thumbnail
නවගමුව, කොරතොට සලිත කළ වෙ# වරුසාවේ සුල මුල හෙළිවෙයි
01:17
Video thumbnail
කළුතර හෝටල් හිමියෙකුට අත්වූ බිහිසුණු ඉරණම..සියල්ල තෙවෙනි ඇසේ සටහන් වූ අයුරු
03:20


?