අප්‍රේල් පළමු වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිත ලීසිං සහනය

කොවිඩ් වසංගතය හේතුවෙන් මගී ප්‍රවාහන ක්ෂේත්‍රයේ නියුතු වූවන් සඳහා ලබා දී තිබු ණය හා ලීසිං සහන පැකේජය තවත් මාස 6කින් දීර්ඝ කර තිබෙනවා.

ඔවුන් සඳහා වන ලිසිං පහසුකම් දීර්ඝ කිරීමේ චක්‍රලේඛය නිකුත් කර ඇති අතර එම චක්‍රලේඛය නිකුත් කර ඇත්තේ සියලුම බලපත්‍රලාභී බැංකු හරහා ස්ථාවර ලෙස මෙම සහන ක්‍රියාත්මක කිරීම සඳහායි

ඒ අනුව පොදු මගී ප්‍රවාහනය ,පාසල් ප්‍රවාහන සේවය ,කාර්යාල ප්‍රවාහන සේවය ,සංචාරකයින් සඳහා ප්‍රවාහන පහසුකම් සැපයීමේ නිරත ආයතන සහ පුද්ගලයින් ,ත්‍රි රෝද ඇතුළු කුලී රථ වැනි පෞද්ගලික මගී ප්‍රවාහන පහසුකම් සැපයීමේ නිරත ව්‍යාපාර සහ පුද්ගලයින් සඳහා මෙම සහන හිමිවනු ඇති.

මෙම ලීසිං සහනය එළෙඹෙන අප්‍රේල් පළමු වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

කල්බදු වාරික කල් දැමීම සඳහා ණය ගැතියන් විසින් අප්‍රේල් 19 වැනිදාට පෙර ලිඛිතව හෝ විද්‍යුත් තැපැල හරහා ඉල්ලීමක් කළ යුතු බව අදාළ චක්‍රලේඛයේ සඳහන්.

ණය සහන ලබාදීමේ චක්‍රලේඛය ඉදිරි සති කිහිපය තුළ නිකුත් කිරීමට මහ බැංකුව එකඟතාව පළ කර ඇති බවද වාර්තා වනවා.

සුදුසුකම් ලබන ණය ගනුදෙනුකරුවන් හට මෙම ණය සහන යෝජනා ක්‍රමය පිළිබඳ වැඩිදුර තොරතුරු, අදාළ මූල්‍ය ආයතන වෙතින් ලබා ගත හැකි අතර, මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මූල්‍ය ආයතන වෙත නිකුත් කරන ලද චක්‍රලේඛ ශ්‍රී ලංකා මහ බැංකුවේ වෙබ් අඩවියෙහි (www.cbsl.gov.lk) දක්වා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.01
01:05:26
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09