ලෝක බාලදක්ෂ ජම්බෝරියට යන ශ්‍රී ලාංකික බාලදක්ෂයන් ජනපති හමු වෙයි

දකුණු කොරියාවේ පැවැත්වෙන 25වන ලෝක බාලදක්ෂ ජම්බෝරිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමට නිල වශයෙන් ජාතික ධජය පිළිගැන්වීම ශ්‍රී ලංකාවේ ප්‍රධාන බාලදක්ෂ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් අද (28) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු කෙරුණා.

එමෙන්ම 2024 වසරේ පැවැත්වීමට නියමිත 10වන ජාතික බාලදක්ෂ ජම්බෝරියේ නිල ලාංඡනය එළිදැක්වීම ද මෙහිදී සිදු වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

25 වන ලෝක බාලදක්ෂ ජම්බෝරිය අගෝස්තු 01වන දා සිට 12වන දා දක්වා දකුණු කොරියාවේ Saemangeum හිදී ලොව පුරා බාලදක්ෂ බාලදක්ෂිකාවන් 50,000කගේ සහභාගිත්වයෙන් උත්කර්ෂවත්ව පැවැත්වීමට නියමිත අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් බාලදක්ෂ බාලදක්ෂිකාවන් හා නායක නායිකාවන් 177 දෙනෙකු පමණ ඊට එක්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා බාලදක්ෂ කණ්ඩායමට මෙහිදී සිය සුබපැතුම් එක් කළ ජනාධිපතිවරයා සඳහන් කළේ 2048 වන විට ශ්‍රී ලංකාවද දකුණු කොරියාව වැනි දියුණු රටක් බවට පත් කිරීම රජයේ අරමුණ බවත් මෙම සංචාරයේ දී ලබන අත්දැකීම් රටේ අනාගතය වෙනුවෙන් ද දායක කර ගැනීමට සියලුදෙනා ක්‍රියා කළයුතු බවයි.

ආත්ම විශ්වාසයෙන් යුතු සහ අභියෝගවලට මුහුණදිය හැකි ශක්තිමත් අනාගත පරපුරක් ගොඩනැඟීමට බාලදක්ෂ ව්‍යාපාරයෙන් ලැබෙන දායකත්වය අගය කළ ජනාධිපතිවරයා එම පුහුණුව රටේ අනාගතය වෙනුවෙන් ඵලදායීව යොදාගන්නා ලෙස ද බාලදක්ෂ බාලදක්ෂිකාවන්ගෙන් ඉල්ලා සිටියා.

ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේ ශ්‍රී ලංකාවේ බාලදක්ෂ ව්‍යාපාරය පුළුල් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබාදුන් උපදෙස් අනුව මෙරට බාලදක්ෂ ව්‍යාපාරයේ සාමාජික සංඛ්‍යාව ලක්ෂයක ඉලක්කය පසුගියදා සම්පූර්ණ කළ බවයි.

මෙහිදී ශ්‍රී ලංකා බාලදක්ෂ කණ්ඩායමේ නායක, ජාත්‍යන්තර කොමසාරිස්, විශේෂඥ වෛද්‍ය රජීව් පීරිස් මහතා වෙත ජාතික ධජය පිරිනැමුණු අතර ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ සභාපති ශ්‍රීනාත් ගුණරත්න, විධායක කමිටු සභාපති රත්නසිරි පෙරේරා යන මහත්වරු ඇතුළු සංගමයේ කොමසාරිස්වරු හා නිලධාරීන් රැසක් ඊට එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලේ පොලිසියට විරුද්ධව සිවිල් සංවිධාන පාරට බහියි - උණුසුම් තත්ත්වයක්
04:39
Video thumbnail
හැකර් වෙන කවුරුත් නෙවෙයි මුදල් අමාත්‍යංශයේ ලේකම් තමයි..විමල් සියල්ල හෙළිකරයි
05:39
Video thumbnail
"සාම පාගමන වඩින්නේ නෑ..නිහඬබව රකින්න.." අපේ මිනිස්සුන්ට කියන දෙයක් තේරෙන්නේ නැති හැටි
01:02
Video thumbnail
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නිවසට CID නිලධාරීන් පැමිණෙයි
01:20
Video thumbnail
චන්දිමාල් ජයසිංහට වැඩ වරදියි - ජන ක්‍රීඩා වෙනුවට බඩු ක්‍රීඩා පැවැත්තුවේ..ප්‍රසිද්ධියේ සමාව ගන්න
08:55
Video thumbnail
හරිනි ආලෝකට කතා කරද්දි ආලෝකා බලපු හැටි ..සෙනඟ මැදින් හරිනි ගැම්මට යන්නේ
02:46
Video thumbnail
සාගරිකා ශීඝ්‍රගාමි දුම්රිය පීලිපැනීමට හේතුව මෙන්න..සමස්ත දුම්රිය ධාවනයේ ගැටලු තියෙනවා
02:30
Video thumbnail
සාගරිකා පීලිපැන්න තැනට ඇවිත් කොට්ටහච්චි උපදෙස් දෙයි.. පීලිපැන්න හැටි CCTV කැමරාවේ සටහන් වූ හැටි
04:10
Video thumbnail
වෙළෙඳසැලක හදිසියේම ඇතිවූ ගින්න..ගින්න මැද්දේ කඩේ තිබ්බ රතිඤ්ඤා පුපුරණ හැටි
01:21
Video thumbnail
සංඥා කුළුණකට නැගි තරුණයා බැහැලා හඬා වැටෙයි.."මාව හිරේ දාන්න එපා..ගිහින් ග#න්න එපා"
02:27