නෙළුම් කුළුණට ආ නරඹන්නන් ප්‍රමාණය මිලියනය ඉක්මවයි

කොළඹ නෙළුම් කුළුණ පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී මහජනතාවට විවෘත කළ දින සිට එය නැරඹීමට පැමිණි සංඛ්‍යාව මිලියනය ඉක්මවා ගොස් තිබෙනවා.

සීමාසහිත Colombo Lotus Tower Management Company (Pvt.) Limited පැවසුවේ මාතලේ, විල්ගමුව ප්‍රදේශයේ සිව් දෙනෙකුගෙන් යුත් පවුලක අයෙකු ඊයේ නෙළුම් කුළුණ නැරඹීමට පැමිණි දස ලක්ෂ වන අමුත්තා බවට පත් වූ බවයි.

2022 වසරේ සැප්තැම්බර් 15 වන දින සිට කුළුණ නැරඹීමට පැමිණි මිලියනයක ජනතාව අතර විදේශීය ජාතිකයන් 22,000ක් වනවා.

සඳුදා සිට සිකුරාදා දක්වා පෙරවරු 9 සිට රාත්‍රී 9 දක්වා කුළුණ නැරඹීම සඳහා ප්‍රවේශපත්‍ර නිකුත් කෙරෙන අතර නරඹන්නන්ට රාත්‍රී 10 දක්වා රැඳී සිටීමට අවසර දෙන බවයි සමාගම සඳහන් කළේ. සති අන්තයේ උදේ 9 සිට රාත්‍රී 10 දක්වා ප්‍රවේශපත්‍ර නිකුත් කෙරෙන අතර සති අන්තයේ මහජනතාවට නෙළුම් කුළුණේ රාත්‍රී 11 දක්වා රැඳී සිටිය හැකි බව සමාගම වැඩිදුරටත් ප්‍රකාශ කළා.

සීමාසහිත Colombo Lotus Tower Management Company (Pvt.) Limited සමාගම නෙළුම් කුළුණට හානි කරන පුද්ගලයින්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවට අනතුරු අඟවා තිබෙනවා.

කුළුණ ආරක්ෂා කර ගැනීමට සහය වීම සාමාන්‍ය ජනතාවගේ යුතුකමක් බවයි එම සමාගම සඳහන් කළේ.

නෙළුම් කුළුණ කළමණාකරන සමාගම තහවුරු කළේ දේපළවලට හානි කළ පුද්ගලයන් කිහිප දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවයි.

දැනටමත් විශාල නඩත්තු පිරිවැයක් දැරීමට සිදුවී ඇති අතර අමුත්තන්ගෙන් සිදුවන හානි හේතුවෙන් වරින් වර වැඩි මුදලක් වෙන් කරන බව ද ඔවුන් සඳහන් කළා.

මෙම වසරේ දෙසැම්බර් මාසය වන විට සංචාරකයින්ට බංගී පැනීමේ ක්‍රීඩාව (bungee jumping) හඳුන්වා දීමට බලාපොරොත්තු වන බව නෙළුම් කුළුණ කළමනාකරණ සමාගම තහවුරු කර තිබෙනවා.

ඊට අදාළව දැනටමත් සිංගප්පූරු සමාගමක් සමඟ ගිවිසුමක් අත්සන් කර ඇති අතර අගෝස්තු මාසයේදී යි ශ්‍රී ලංකාවේ පළමු වරට බංගී පැනීම දියත් කිරීමට නියමිතව තිබුණේ.

කෙසේ වෙතත්, තවදුරටත් සිදු කළ යුතු ඇතැම් වැඩි දියුණු කිරීම් හේතුවෙන්, එය ක්‍රියාත්මක කිරීම ප්‍රමාද කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පන්නපු කන්ටේනර් 323 ගැන ජනාධිපතිතුමාගෙන් ප්‍රශ්න කරන්න ඕනේ
05:28
Video thumbnail
අර්චුනා එළියට දැම්ම පා.ම. වැටුප් ප්‍රශ්නයට නලින්ද පිළිතුරු දෙයි..අපි තරම් ආදර්ශ දීලා නෑ කවුරුත්ම
05:01
Video thumbnail
නාමල් ආණ්ඩුවට රිදෙන්නම දෙයි - රාජපක්ෂලාට බැන බැන තමන්ගේ ගිණුම්වලට සල්ලි දාගන්නවා
07:15
Video thumbnail
මාධ්‍ය නාලිකාවටනම් ලේසි වෙන්නේ නැතිවෙයි ?..ලාල්කාන්තගේ වත්කම් ප්‍රශ්නය කැබිනට් මාධ්‍ය හමුවේ ඇදෙයි
04:25
Video thumbnail
ජාතික වෙසක් දිනය වෙනස් වෙනවද ? නලින්ද සියල්ල හෙළිකරයි
04:16
Video thumbnail
අතුරුදන් වූ මුදල ගැන හර්ෂගෙන් ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක්
13:43
Video thumbnail
ශම්මිට ඉල්ලා අස්වෙන්න කියලා ජනපති කියලා නැහැ
03:42
Video thumbnail
සජිත්ගෙන් රටම හොල්ලන ප්‍රකාශයක් - ඩොලර් ලක්ෂ 25ක් අතුරුදන්
06:23
Video thumbnail
මහ භාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක මුදලක් හැකර් කෙනෙක්ට ගිහින්..නලින්ද සියල්ල එළියට එයි
02:51
Video thumbnail
ජනපති පත්කරපු ලේකම් ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්
10:28