විදුහල්පති පත්වීම් ගැන ඉදිරිපත් කෙරුණු මෝසමක් හෙට (20) කැඳවීමට නියෝග

නව තරග විභාගයක් පැවැත් වීමකින් තොරව ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ තුන්වන ශ්‍රේණිය සඳහා නව පත් කිරීම් සිදු කිරීම වළක්වමින් නිකුත් කර ඇති අතුරු තහනම් නියෝගයට එරෙහිව ගොනු කළ මෝසමක් සලකා බැලීම සඳහා හෙට දින කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.

2019 වසරේ පවත්වන ලද තරඟ විභාගය පදනම් කරගෙන අදාළ පත් කිරීම් සිදු කිරීම සඳහා මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ එකඟතාවයක් ඇතිකර ගෙන තිබියදී ඊට පටහැනිව යමින් ගොනු කළ පෙත්සමකට අදාළව මෙම අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමට සම්බන්ධයෙන් මෙම මෝසම ගොනු කර තිබුණා.

එම මෝසම අද අගවිනිසුරු ජයන්ත ජයසූරිය, ජනක් ද සිල්වා සහ ශිරාන් ගුණරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබුවා.

විදුහල්පති තනතුරුවල පුරප්පාඩු පිරවීම සම්බන්ධයෙන් මීට පෙර ලංකා ගුරු සේවා සංගමය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබූ බව එහිදී නීතිඥවරු අධිකරණයට දැනුම් දුන්නා.

එම පෙත්සම අගවිනිසුරුවරයා ප්‍රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මීට පෙර කැඳවූ අවස්ථාවේදී ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ තුන්වන ශ්‍රේණිය සඳහා පත්කිරීම් 2019 වසරේ දී සිදු කළ පැවති විභාග ප්‍රතිඵල මත පදනම්ව සිදු කිරීමට එකඟත්වයක් ඇති වූ බවත් එම සංගමය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු පෙන්වා දුන්නා.

ඒ අනුව එම පත්කිරීම් සිදුකිරීමට තීරණය කළ අවස්ථාවේදී ඊට එරෙහිව ශ්‍රී ලංකා ගුරු සේවයට අයත් දෙවන ශ්‍රේණියේ ගුරුවරයකු වන පූජ්‍ය බුද්ධං කෝට්ටේ සුමනචන්ද්‍ර හිමියන් විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ පත්වීම් පිරිනැමීම වළක්වාලමින් තහනම් නියෝගයක් නිකුත් කර තිබෙන බවත් එම නීතිඥවරු සඳහන් කලා.

මෙම මෝසම කැඳවු අවස්ථාවේදී පූජ්‍ය බුද්ධං කෝට්ටේ සුමනචන්ද්‍ර හිමියන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා සඳහන් කළේ මෙම කරුණ සම්බන්ධයෙන් සිය සේවාදායකයාගේ උපදෙස් ලබා ගැනීමට අවශ්‍ය බවයි.

ඒ අනුව අදාළ මෝසම හෙට දින කැඳවන ලෙසත් නියෝග කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාස්කු ප්‍රහාරය ගැන නාමල් කට අරියි..දැන් නීතියට යටින් ඉන්නේ ජනපතිද ?
01:29
Video thumbnail
ඩීසල් ලීටරය රු. 150කින් වැඩිවෙනවා ? ජනතාවට අබ සරණයි..මරික්කාර්ගෙන් ප්‍රබල ප්‍රකාශයක්
06:02
Video thumbnail
ටිල්වින්ට තියෙන බලය මොකක්ද තීරණ ගන්න..කියනවා පළාත් සභා මැතිවරණයක් නෑ කියලා
02:29
Video thumbnail
දරුවන් ගැන සජිත් හැමෝම ඉස්සරහා කිව්ව දේ..දරුවන්ගේ අයිතිවාසිකම් රටේ මූලික අයිතිවාසිකම්
09:44
Video thumbnail
සඳගිරිසෑයට හොරු පනියි..මැණික් සහ රන් මාල උස්සලා..ධාතූන් වහන්සේ වැඩසිටි සියපත පැත්තකට දාලා
07:44
Video thumbnail
නාමල්ගේ හෙට පානදුර රැළියට සූදානම..කොටු ඇදලා ඉරි ගහලා මැනගන්නකෝ..පානදුර ටවුන් එක වහනවා
01:12
Video thumbnail
සජිත් ඒ පුංචි ළමයින්ට තියෙන ආදරය..පෙරපාසල් ළමුන් 550 දෙනෙකුට සජිත් දුන්න අපූරු තෑගී
02:18
Video thumbnail
අනවසර ඉදිකිරීම් නිසා අකුරැස්සේ උණුසුම් තත්ත්වයක්.."ඔයා කොහොමද රටේ නීතියක් කරන්නේ"
15:56
Video thumbnail
බිත්තිය වැ#ටුණනම් අම්මයි, පොඩි උන් දෙන්නයි ඉවරයි..මම කෑගැහුවා දාලා යන්න බෑ කියලා
02:12
Video thumbnail
එංගලන්තයට ගිය අගමැතිනිය යළි දිවයිනට ආ හැටි
00:23