පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනපති මෛත්‍රී වන්දි ගෙවීම අරඹයි

පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සිදුකළ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 100ක වන්දියක් ගෙවන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වෙත ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කරන ලද නියෝගයට අනුව ඔහු විසින් වන්දි වශයෙන් රුපියල් මිලියන 15ක මුදලක් ගෙවා ඇතැයි වාර්තා වනවා.

ඉතිරි වන්දි මුදල් රුපියල් ලක්ෂ 85 බැගින් සෑම වසරකම ජූලි මස තිස් වනදා අවසන් වන දිනයට ගෙවා අවසන් කරන බවත් සිරිසේන මෝසමක් මාර්ගයෙන් දැනුම් දී තිබෙනවා.

මෙම වන්දි හානිපූරණ පිළිබඳ කාර්යාලය වෙත ගෙවා තිබෙන බවත් ආරංචි මාර්ග සඳහන් කරයි.

ඉකුත් ජනවාරි මස 12 වනදා අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුඛ සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් දොළහකට අදාළ තීන්දු ප්‍රකාශයට පත්කර තිබුණා.

එම තීන්දුවට අනුව අදාළ පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබූ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට රුපියල් මිලියන 100 ක් ද, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන යන අය විසින් රුපියල් මිලියන 75 බැගින් ද හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු විසින් රුපියල් මිලියන 50ක් ද හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් විසින් රුපියල් මිලියන දහයක් ද වන්දි වශයෙන් ගෙවිය යුතු බව නියෝග කළා.

එම වන්දි මුදල් ගෙවීම සඳහා එදින පටන් මාස හයක කාලයක් ලබාදීමට ද ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීන්දුවෙන් කටයුතු කරනු ලැබුවා.

ඒ, අනුව මේ වන විට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් රුපියල් මිලියන 15ක් ද, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු විසින් රුපියල් මිලියනයක් ද, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර විසින් 1, 725,588 ක් ද හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් විසින් රුපියල් මිලියන 05ක මුදලක් ද වන්දි වශයෙන් ගෙවා තිබෙන බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.

ඊට අමතරව රජය වෙනුවෙන් මහා භාණ්ඩාගාරය විසින් රුපියල් මිලියනයක වන්දියක් ද ගෙවා තිබෙනවා.

එමෙන්ම රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන ද රුපියල් මිලියන 4.1 ක වන්දියක් ගෙවා තිබෙන බව වාර්තා වනවා.

මෙම සියළු වන්දි මුදල් හානිපූරණය සඳහා වන කාර්යාලය වෙත ගෙවා තිබෙන බවයි වාර්තා වෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
14
+1
1
+1
2
+1
3
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.05.22
03:13:40
Video thumbnail
බලන් ඉද්දිම කැලණි ගඟේ ජල මට්ටම ඉහළ යන හැටි..මහ ජල කඳින් පාරවල් වැසී ගිහින්
02:05
Video thumbnail
වහාම අනුප්‍රාප්තික IMF ගිවිසුමකට යන්න..සජිත් නැගිටලා ආණ්ඩුවට උපදෙස් දෙයි
15:29
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට 100mm ඉක්මවූ තද වැසි..කාලගුණය ගැන ජනතාවට විශේෂ දැනුම්දීමක්
02:46
Video thumbnail
මැල්ලවගෙදර පාලම කැඩි යයි..මීගමුව - මීරිගම මාර්ගයේ රථවාහන ධාවනයටත් බාධා
01:58
Video thumbnail
මහ වැස්සෙන් පන්නල නගරයට වෙලා තියෙන දෙයක්..ප්‍රදේශයම ජලයෙන් යටවෙලා ගිහින්
01:45
Video thumbnail
රට ඉඳන් ලංකාවට ඇවිත් ගෙදර යද්දී බිහිසුණු අනතුරෙන් එළොව ගිහින්.."ගහේ වැදිලා කැරකිලා ගිහින්"
02:23
Video thumbnail
"ඔළුවට උඩින් වතුර ගහනවා"කොළඹ - රත්නපුර ප්‍රධාන මාර්ගයත් යටවෙලා - වාහනවලටත් යන්න බෑ
02:18
Video thumbnail
කඩා හැලෙන මහ වැස්ස හමුවේ කොළඹ නගරයේ තත්ත්වය..මුහුදත් රළු ස්වාභවයක්
01:45
Video thumbnail
මහ වැස්සෙන් කොළඹ - අවිස්සාවේල්ල මාර්ගයේ ස්ථාන කිහිපයක් ජලයෙන් යටවෙයි
01:12