පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සිදුකළ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 100ක වන්දියක් ගෙවන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වෙත ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කරන ලද නියෝගයට අනුව ඔහු විසින් වන්දි වශයෙන් රුපියල් මිලියන 15ක මුදලක් ගෙවා ඇතැයි වාර්තා වනවා.
ඉතිරි වන්දි මුදල් රුපියල් ලක්ෂ 85 බැගින් සෑම වසරකම ජූලි මස තිස් වනදා අවසන් වන දිනයට ගෙවා අවසන් කරන බවත් සිරිසේන මෝසමක් මාර්ගයෙන් දැනුම් දී තිබෙනවා.
මෙම වන්දි හානිපූරණ පිළිබඳ කාර්යාලය වෙත ගෙවා තිබෙන බවත් ආරංචි මාර්ග සඳහන් කරයි.
ඉකුත් ජනවාරි මස 12 වනදා අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුඛ සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් දොළහකට අදාළ තීන්දු ප්‍රකාශයට පත්කර තිබුණා.
එම තීන්දුවට අනුව අදාළ පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබූ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට රුපියල් මිලියන 100 ක් ද, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන යන අය විසින් රුපියල් මිලියන 75 බැගින් ද හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු විසින් රුපියල් මිලියන 50ක් ද හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් විසින් රුපියල් මිලියන දහයක් ද වන්දි වශයෙන් ගෙවිය යුතු බව නියෝග කළා.
එම වන්දි මුදල් ගෙවීම සඳහා එදින පටන් මාස හයක කාලයක් ලබාදීමට ද ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීන්දුවෙන් කටයුතු කරනු ලැබුවා.
ඒ, අනුව මේ වන විට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් රුපියල් මිලියන 15ක් ද, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු විසින් රුපියල් මිලියනයක් ද, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර විසින් 1, 725,588 ක් ද හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් විසින් රුපියල් මිලියන 05ක මුදලක් ද වන්දි වශයෙන් ගෙවා තිබෙන බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.
ඊට අමතරව රජය වෙනුවෙන් මහා භාණ්ඩාගාරය විසින් රුපියල් මිලියනයක වන්දියක් ද ගෙවා තිබෙනවා.
එමෙන්ම රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන ද රුපියල් මිලියන 4.1 ක වන්දියක් ගෙවා තිබෙන බව වාර්තා වනවා.
මෙම සියළු වන්දි මුදල් හානිපූරණය සඳහා වන කාර්යාලය වෙත ගෙවා තිබෙන බවයි වාර්තා වෙන්නේ.














OYA ENNE HORA KAPUWA, PAGA GAHAPUWA, COMIS GAHAPUWA. RATA BANKOLOTH KALA MAHA EWUN SET EKATA ME WAGEMA NADU DAMMA NAM MASEKATA KOTI 100 GANE UNATH GEWAYI UN MARILA YANAKAMMA, DANNAWA DHA EHEMA GEWWATH MUN HORAKAM KALA EWAYIN 10% WATH GANNA BAHE. EKANE ATHTHA.CHANDRIKA 2004 KIYUWA MUNTA DENNA EPA PAWULAMA HORA KANAWA KIYALA, API AHUWE NAHE, MOKADHA EYALA KEMATHINAHE EYALAGE, RANIL LAGE, WIJEWARDANA LAGE PAWUL WALIN PITA PALANAYA YANAWATA.