මෙරට දෛනික දියර කිරි අවශ්‍යතාවෙන් 60%ක අඩුවක්

මෙරට දෛනික දියර කිරි අවශ්‍යතාවෙන් 40% පමණක් දැනට නිෂ්පාදනය වන බවත් 60% ක දියරකිරි නිෂ්පාදනයේ අඩුවක් පවතින බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ දී අනාවරණය වුණා.

ඒ, අනුව මෙම දියර කිරිවල පවතින රික්තකය පිරවීම සඳහා ගෙන ඇති පියවර පිළිබඳ කෝපා කමිටුවේ සභාපතිවරයා නිලධාරීන්ගෙන් විමසා සිටියා.

මෙහිදී නිලධාරීන් පෙන්වා දුන්නේ දිනකට කිරි ලීටර් 100ක් නිෂ්පාදනය කළ හැකි ගොවිපළවල් 15,000 ක් ඇති කිරීමට වර්තමානයේ කටයුතු කර ඇති බවයි.

දැනටමත් මේ වෙනුවෙන් 2000 ක් පමණ ගොවිපොළවල් ලියාපදිංචි වී ඇති බව ද නිලධාරීන් මෙහිදී පෙන්වා දුන්නා.

මෙහිදී කෝපා කමිටුවේ සභාපතිවරයා පෙන්වා දුන්නේ මේ සඳහා ජාතික සැලැස්මක් සකස්කිරීම වැදගත් වන බවයි.
එමෙන්ම මේ පිළිබඳව සති දෙකක් ඇතුළත වාර්තාවක් ලබාදෙන ලෙස ද සභාපතිවරයා නිර්දේශ කර සිටියා.

මේ අතර ශ්‍රී ලංකාවේ කිරි නිෂ්පාදනවල ගුණාත්මක භාවය ඉහළ නැංවීම සහ කිරි ගොවීන්ගේ ආදායම් ඉහළ නැංවීම පිළිබඳව ශ්‍රී ලංකා රජය සහ ඉන්දියානු රජය අතර සත්ව පාලන සහ කිරි නිෂ්පාදන ක්ෂේත්‍රයේ සහයෝගීතාව සඳහා ඒකාබද්ද අභිප්‍රාය ප්‍රකාශයකට අත්සන් තැබීමට යෝජනා වී තිබෙනවා.

ජනාධිපතිවරයා සහ කෘෂිකර්ම අමාත්‍යවරයා ඉදිරිපත් කළ මෙම යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බවයි අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අනාවරණය වුණේ.

03 2


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මූණු විතරයි මාරුවුණේ ප්‍රතිපත්ති වෙනස්වෙලා නෑ - පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය රටට ඕනිද ?
09:16
Video thumbnail
කන්ද උඩරට ඇසළ පෙරහර දෙවෙනි කුඹල් පෙරහර පැවැත්වූ අයුරු - බලන්නකෝ ඒ ලස්සන
03:14
Video thumbnail
රන්දෙවොල වගේ තියෙන අධිකරණය යටත් කරගන්න යන්නේ - ජනතාවගේ මනස විකෘති කරලා 22වන සංශෝධනය ගැන
04:04
Video thumbnail
කංජිපානිගේ හිතවතෙක් අවසන් ගමන් යවන්න සැරසුණු පිරිසක් මාට්ටු
01:43
Video thumbnail
ග්‍රෙගරි වැවේ බිහිසුණු බෝට්ටුඅනතුරේ ඇත්ත කතාව එළියට
01:45
Video thumbnail
කංජිපානිගේ හිතවතෙක් අවසන් ගමන් යවන්න සැරසුණු පිරිසක් මාට්ටු - සෙට් එක නොන්ඩි ගගහා එන හැටි
03:01
Video thumbnail
ආයතනයකට කඩා පැනලා යකා නටපු හැටි - තඩි හොරුනේ තමුසෙලා..සල්ලි අරගෙන මුන් ජෝගි දානවා
05:47
Video thumbnail
බෙල්ලන්විල ධම්මරතන නාහිමිගෙන් ආණ්ඩුවට සැර කතාවක් - හොරු ඉන්නවා වැහි වැහැලා..මේක සාර්ථක නෑ
03:59
Video thumbnail
පොලිසියේ අවධානය පිණිසයි.. ජීවිත අනතුරේ හෙළමින් මහ පාර බදු අරන් ගිය බස් රථය...
00:57
Video thumbnail
බූස්සට ගිය අධිකරණ ඇමතිට යකා නැග්ගද ?දැනගත්තත් මේකට උත්තර දෙන්නේ නෑ
02:32