උතුරු ඉන්දියාවට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වනවිට පුද්ගලයින් 30 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා.
විපතට පත් ප්‍රාන්තවලට සහන සේවා සැපයීම සහ ගලවා ගැනීමේ මෙහෙයුම් තීව්ර කිරීමට හමුදාව සහ ජාතික ආපදා ප්‍රතිචාර බලකාය පියවර ගෙන ඇති බවයි ඉන්දීය මාධ්‍ය තොරතුරු වාර්තා කළේ.
මෙහි වැඩි බලපෑමක් හිමාචල් ප්‍රදේශය සිදුව අතර, ඉන්දීය රුපියල් කෝටි 3,000ක පමණ දේපළ හානියක් සිදුව ඇති බවයි ගණන් බලා ඇත්තේ.
ප්‍රාන්ත අගනුවර වන ෂිම්ලා හි වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 11ක්.
වර්ෂාව සමඟ ඇති වූ නාය යෑම් හේතුවෙන් සංචාරකයින් 500 කට අධික පිරිසක් අතරමංව ඇති බවයි වාර්තා වන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
1
+1
1
+1
1
+1
+1