කුවේට් රාජ්‍යයේ ගෘහ සේවය සඳහා ගොස් එරට නීතිවිරෝධී ලෙස රැදී සිටි ශ්‍රී ලාංකිකයින් 46 දෙනෙකු පිටුවහල් කිරීමෙන් අනතුරුව අද (11) අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.
එම පිරිස අතරින් 39 දෙනෙකු කාන්තාවන් වන අතර, අනෙක් 07 දෙනා පිරිමි පුද්ගලයින්.
මොවුන් කුවේට් රාජ්‍යයේ වීසා නොමැතිව නීතිවිරෝධී ලෙස රැදී සිට ඇති අතර, පසුව විවිධ අසනීපවලට ගොදුරු වීම ඇතුළු පෞද්ගලික ගැටළු මත ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණීම සදහා ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ලියාපදිංචි වී තිබෙනවා.
ඒ අනුව මෙම පිරිසේ ඇඟිලි සළකුණු ලබාගැනීමෙන් අනතුරුව එරටින් පිටුවහල් කර ඇති අතර, යළි කිසිම දිනක ඔවුන්ට කුවේට් රාජ්‍යය වෙත පිවිසීම තහනම්කර ඇති බවයි වාර්තා වන්නේ.
මෙම පිරිස අද (11) දින අලුයම 03.30 ට කුවේට් සිට අල් ජසීරා ගුවන් සේවයේ ජේ- 9551 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.













