දරුඵල අපේක්ෂාවෙන් අත් බෙහෙතක් පානය කළ විවාහක තරුණ කාන්තාවක් අවාසනාවන්ත ලෙස මිය යාමේ පුවතක් පොළොන්නරුව, අත්තනකඩවල ප්‍රදේශයෙන් වාර්තා වනවා.
මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ දිල්මි සදුනිකා නැමැති 23 හැවිරිදි වියේ පසු වූ විවාහක තරුණික්.
වසර තුනකට පෙර විවාහ වී ඇති මෙම තරුණිය දරුඵල ප්‍රමාදවීම හේතුවෙන් විවිධ ප්‍රතිකාර ලබාගෙන තිබෙනවා.
එහිදී සිය ඥාති කාන්තාවක් විසින් පවත්වාගෙන ගිය දේවාලයකට ගොස් දරුඵල අපේක්ෂාවෙන් ඇය ප්‍රතිකාර ලබාගෙන ඇති බවයි වාර්තා වන්නේ.
එහිදී එම දේවාලය මඟින් ලබාදුන් කිසියම් අත් බෙහෙතක් දින තුනක් තිස්සේ ඇය විසින් පානය කර තිබෙනවා.
මෙම අත් බෙහෙත විරේකයක් ලෙසින් ලබා දී ඇති අතර, තරුණියට ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ඇය ඊයේ (10) දින පොළොන්නරුව, ජයන්තිපුර ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.
කෙසේ වෙතත් ඇය රෝහලට රැගෙන යන විටත් අවාසනාවන්ත ලෙස මෙලොව හැරගොස් ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.
මියගිය තරුණියගේ දේශය පශ්චාත් මරණ පරීක්ෂණය වෙනුවෙන් පොළොන්නරුව මහ රෝහල වෙත යොමු කිරීමට කටයුතු කර තිබෙනවා.
.













