අඹන්පොළ ප්‍රදේශයේ දී අද (10) අලුයම සිදු වූ බස්රථ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති බව වාර්තා වනවා.
අනුරාධපුර – පාදෙණිය ප්‍රධාන මාර්ගයේ අඹන්පොළ මධ්‍ය මහා විද්‍යාලය අසළ දී මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.
මෙම අනතුරින් තවත් 29 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
කූරගල වන්දනාවේ පැමිණ ආපසු යමින් සිටි පිරිසක් රැගත් බස් රථයක් මාර්ගයේ අයිනේ නවතා තිබු කන්ටේනර් රථයක පිටුපස ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.
මෙම අනතුරින් මියගොස් ඇත්තේ වයස අවුරුදු 71 සහ 32 යන වයස්වල පසුවූ තලාව ප්‍රදේශයේ පදිංචි දෙදෙනෙක්.
තුවාලකරුවන් අඹන්පොල සහ ගල්ගමුව යන රෝහල්වලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය පැවසුවේ.
අනතුර සම්බන්ධයෙන් අඹන්පොල පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.













