බසයක් කන්ටේනරයක ගැටී තවත් දරුණු අනතුරක් – දෙදෙනක් මරුට

අඹන්පොළ ප්‍රදේශයේ දී අද (10) අලුයම සිදු වූ බස්රථ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති බව වාර්තා වනවා.

අනුරාධපුර – පාදෙණිය ප්‍රධාන මාර්ගයේ අඹන්පොළ මධ්‍ය මහා විද්‍යාලය අසළ දී මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.

මෙම අනතුරින් තවත් 29 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

කූරගල වන්දනාවේ පැමිණ ආපසු යමින් සිටි පිරිසක් රැගත් බස් රථයක් මාර්ගයේ අයිනේ නවතා තිබු කන්ටේනර් රථයක පිටුපස ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

මෙම අනතුරින් මියගොස් ඇත්තේ වයස අවුරුදු 71 සහ 32 යන වයස්වල පසුවූ තලාව ප්‍රදේශයේ පදිංචි දෙදෙනෙක්.

තුවාලකරුවන් අඹන්පොල සහ ගල්ගමුව යන රෝහල්වලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය පැවසුවේ.

අනතුර සම්බන්ධයෙන් අඹන්පොල පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රන්දෙවොල වගේ තියෙන අධිකරණය යටත් කරගන්න යන්නේ - ජනතාවගේ මනස විකෘති කරලා 22වන සංශෝධනය ගැන
04:04
Video thumbnail
කංජිපානිගේ හිතවතෙක් අවසන් ගමන් යවන්න සැරසුණු පිරිසක් මාට්ටු
01:43
Video thumbnail
ග්‍රෙගරි වැවේ බිහිසුණු බෝට්ටුඅනතුරේ ඇත්ත කතාව එළියට
01:45
Video thumbnail
කංජිපානිගේ හිතවතෙක් අවසන් ගමන් යවන්න සැරසුණු පිරිසක් මාට්ටු - සෙට් එක නොන්ඩි ගගහා එන හැටි
03:01
Video thumbnail
ආයතනයකට කඩා පැනලා යකා නටපු හැටි - තඩි හොරුනේ තමුසෙලා..සල්ලි අරගෙන මුන් ජෝගි දානවා
05:47
Video thumbnail
බෙල්ලන්විල ධම්මරතන නාහිමිගෙන් ආණ්ඩුවට සැර කතාවක් - හොරු ඉන්නවා වැහි වැහැලා..මේක සාර්ථක නෑ
03:59
Video thumbnail
පොලිසියේ අවධානය පිණිසයි.. ජීවිත අනතුරේ හෙළමින් මහ පාර බදු අරන් ගිය බස් රථය...
00:57
Video thumbnail
බූස්සට ගිය අධිකරණ ඇමතිට යකා නැග්ගද ?දැනගත්තත් මේකට උත්තර දෙන්නේ නෑ
02:32
Video thumbnail
කොළඹ - ගාල්ල ප්‍රධාන මාර්ගයට ගලා ආ මුහුදු ජලය කළ විනාශය
01:45
Video thumbnail
හිටපු ඇමතිගේ බිරිද වැ#ණු ස්ථානයේ මහේස්ත්‍රාත් පරික්ෂණය සිදුකරන අයුරු
01:45