ලන්දේසීන්ට පහසු ඉලක්කයක්

එක්දින ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ ශූරයින් තීරණය කරන අවසන් මහා තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 47යි පන්දු 05ක් තුළ සියල්ලන් දැවී ලකුණු 233ක් රැස් කිරීමට සමත් වුණා.

එහිදී ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස්කළ පිතිකරුවා බවට පත්වීමට සහන් ආරච්චිගේ සමත් වූ අතර ඔහු සිය පළමු ජාත්‍යන්තර එක්දින අර්ධ ශතකය අද වාර්තා කරමින් රැස්කළ ලකුණු සංඛ්‍යාව 57ක්.

කුසල් මෙන්ඩිස් මෙම තරගයේ දී ලකුණු 43ක් රැස්කළ අතර පන්දු 36ක් තුළ ලකුණු 36ක් රැස්කරගෙන සිටිය දී චරිත් අසලංක අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී ගියා.

අද තරගයේ දීත් සිය පිතිකරණ වගකීම හරිහැටි ඉටු නොකළ ශ්‍රී ලංකා නායක දසුන් ශානක පහසු උඩ පන්දුවක් ලබාදෙමින් එක් ලකුණකට දැවී ගියේ ශ්‍රී ලංකා ඉනිම තවත් අසීරු තත්ත්වයකට පත්කරමින්.

වනිඳු හසරංග ලකුණු 29ක් රැස්කළ අතර, ඉනිමේ අවසන් භාගයතෙක් කඩුල්ලේ රැඳීසිටි මහිෂ් තීක්ෂණ රැස්කළ ලකුණු සංඛ්‍යාව 13ක්.

පන්දු යැවීමේ දී සකීබ් සුල්ෆිකාර්, ලෝගන් වෑන් බීක්, රයන් ක්ලයින් සහ වික්‍රම්ජිත් සිං අතරේ කඩුලු 02 බැඟින් බෙදී ගියා.

ඒ, අනුව මෙම තරගය ජය ගැනීමට නෙදර්ලන්තයට පන්දුවාර 50ක් තුළ ලකුණු 234ක පහසු ඉලක්කයක් හිමිව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බෙල්ලන්විල ධම්මරතන නාහිමිගෙන් ආණ්ඩුවට සැර කතාවක් - හොරු ඉන්නවා වැහි වැහැලා..මේක සාර්ථක නෑ
03:59
Video thumbnail
පොලිසියේ අවධානය පිණිසයි.. ජීවිත අනතුරේ හෙළමින් මහ පාර බදු අරන් ගිය බස් රථය...
00:57
Video thumbnail
බූස්සට ගිය අධිකරණ ඇමතිට යකා නැග්ගද ?දැනගත්තත් මේකට උත්තර දෙන්නේ නෑ
02:32
Video thumbnail
කොළඹ - ගාල්ල ප්‍රධාන මාර්ගයට ගලා ආ මුහුදු ජලය කළ විනාශය
01:45
Video thumbnail
හිටපු ඇමතිගේ බිරිද වැ#ණු ස්ථානයේ මහේස්ත්‍රාත් පරික්ෂණය සිදුකරන අයුරු
01:45
Video thumbnail
බෝවතැන්න ජලාශය සම්පූර්ණයෙන්ම හිස් කිරීම ලබන 24 වැනිදා සිට
01:51
Video thumbnail
අදත් කුණු ටිකක් අතේ මාට්ටු..අනේ අදට සමාව දෙන්න කියන්නකෝ සර්..
01:43
Video thumbnail
NSBM දස වසරක ගමනේ රටේ ආර්ථිකයට රු.බිලියන 115.5කට අධික දායකත්වයක්
01:34
Video thumbnail
විවෘත විශ්වවිද්‍යාලයේ පවතින ගාස්තුව සිසුන්ට දරාගන්න බෑ - UGC එකට පැමිණිල්ලක්
05:28
Video thumbnail
දිවුලපිටිය කුණු කන්ද සුද්ද කරලා තියෙන්නේ බාගෙට..ඇතුලේ කුණු එහෙම්මයි..රවට්ටන්න විතරක් කරන්න එපා
01:55