spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ලන්දේසීන්ට පහසු ඉලක්කයක්

එක්දින ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ ශූරයින් තීරණය කරන අවසන් මහා තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 47යි පන්දු 05ක් තුළ සියල්ලන් දැවී ලකුණු 233ක් රැස් කිරීමට සමත් වුණා.

එහිදී ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස්කළ පිතිකරුවා බවට පත්වීමට සහන් ආරච්චිගේ සමත් වූ අතර ඔහු සිය පළමු ජාත්‍යන්තර එක්දින අර්ධ ශතකය අද වාර්තා කරමින් රැස්කළ ලකුණු සංඛ්‍යාව 57ක්.

කුසල් මෙන්ඩිස් මෙම තරගයේ දී ලකුණු 43ක් රැස්කළ අතර පන්දු 36ක් තුළ ලකුණු 36ක් රැස්කරගෙන සිටිය දී චරිත් අසලංක අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී ගියා.

අද තරගයේ දීත් සිය පිතිකරණ වගකීම හරිහැටි ඉටු නොකළ ශ්‍රී ලංකා නායක දසුන් ශානක පහසු උඩ පන්දුවක් ලබාදෙමින් එක් ලකුණකට දැවී ගියේ ශ්‍රී ලංකා ඉනිම තවත් අසීරු තත්ත්වයකට පත්කරමින්.

වනිඳු හසරංග ලකුණු 29ක් රැස්කළ අතර, ඉනිමේ අවසන් භාගයතෙක් කඩුල්ලේ රැඳීසිටි මහිෂ් තීක්ෂණ රැස්කළ ලකුණු සංඛ්‍යාව 13ක්.

පන්දු යැවීමේ දී සකීබ් සුල්ෆිකාර්, ලෝගන් වෑන් බීක්, රයන් ක්ලයින් සහ වික්‍රම්ජිත් සිං අතරේ කඩුලු 02 බැඟින් බෙදී ගියා.

ඒ, අනුව මෙම තරගය ජය ගැනීමට නෙදර්ලන්තයට පන්දුවාර 50ක් තුළ ලකුණු 234ක පහසු ඉලක්කයක් හිමිව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
2
+1
4
+1
1
+1
5
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?