නාගලගම් වීදිය කුඩු නිලූගේ පුතාගේ ඝාතකයින් අල්ලයි

ග්‍රෑන්ඩ්පාස්, නාගලගම් වීදිය ප්‍රදේශයේ දී තියුණු ආයුධවලින් කපා කොටා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සැකකරුවන් පස්දෙනෙකු ඊයේ (06) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

“නාගලගම් වීදිය කුඩු නිලූ ” නමැති මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියගේ පුත්‍රයා මෙලෙස ඝාතනය කර තිබූ අතර,මෙම ඝාතනයට සම්බන්ධ සැකකරුවන් සමඟ අපරාධය සඳහා යොදාගත් කඩු දෙකක් සහ ත්‍රිරෝද රථයක් ද පොලිස් භාරයට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

ඝාතනයට ලක්වූ පුද්ගලයා සෙල්වකුමාර් ශමාල් සසිදු නැමැති 25 හැවිරිදි වියේ පසු වූ අයෙක්.

මෙම පුද්ගලයා ඉකුත් 05 වන දින තවත් පිරිසක් සමඟ ත්‍රීරෝද රථයකින් ග්‍රෑන්ඩ්පාස්, නාගලම් වීදිය ප්‍රදේශයේ ගමන් කරමින් සිටියදී  සැකකරුවන් තියුණු ආයුධ ඇතැතිව ත්‍රිරෝද රථය පසුපස හඹා ඒමත් සමඟ රථයෙන් බැස අසල පිහිටි වෙළඳසැලක් තුළට දිව ගොස් තිබෙනවා.

එහිදී ඔහු පසුපස හඹා ආ ඝාතකයින් තියුණු ආයුධවලින් අමානුෂික ලෙස පහර දී පළා ගොස් ඇති බවයි වාර්තා වුණේ.

අනතුරුව බරපතළ තුවාල ලබා සිටි එම පුද්ගලයා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇති අතර ඒ වනවිටත් ඔහු මියගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.

මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ඇති වූ මුදල් ආරවුලක දී මීට පෙර සිදු වූ පහරදීමකට අදාළව මෙම ඝාතනය සිදුකර ඇති බවයි විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර අපරාධය සම්බන්ධ ප්‍රධාන සැකකරු ද සිටින අතර මොවුන් වැල්ලම්පිටිය, නාගලම්විදිය සහ වෙන්නවත්ත ප්‍රදේශවල පදිංචිකරුවන්.

සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
1
+1
1
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වරෙන් වරෙන් හු##..ඔප්පු කරන්න පුළුවන්නම්..අහක යන ප්‍රශ්ණවලට උඹලට බැදෙන්න බෑ රාළහාමි
03:21
Video thumbnail
මෙට්ට ගැන කතා කරපු පුහුණුකරු පොලිසියට කැදවයි..විනාශය පෙන්නුවේ..විවේචනය කරන්න අපිට අයිතියක් තියෙනවා
06:30
Video thumbnail
ජනාධිපති රාමඤ්ඤ, අමරපුර මහා නාහිමිවරු බැහැදැක ආශීර්වාද ලබා ගනී
01:33
Video thumbnail
නවගමුව, කොරතොට සලිත කළ වෙ# වරුසාවේ සුල මුල හෙළිවෙයි
01:17
Video thumbnail
කළුතර හෝටල් හිමියෙකුට අත්වූ බිහිසුණු ඉරණම..සියල්ල තෙවෙනි ඇසේ සටහන් වූ අයුරු
03:20
Video thumbnail
දැඩි STF ආරක්ෂාවක් මැද හෙරෝයින් තොගයක් විනාශ කිරීමට රැගෙන යන හැටි
01:43
Video thumbnail
බලන්නකෝ ළමයිනුත් හුරතල් කර කර යන නාමල්..නාමල්ව වටකරගෙන මිනිස්සු Selfie ග#න හැටි
02:59
Video thumbnail
බාල වයස්කාර දරුවන්ට දුම් කුඩු බෙදූ ජාවාරමක් පොලිසියෙන් වටලයි..
01:22
Video thumbnail
JVP එක වගේ පොලිසිය දැක්කම අපි දුවන්නේ නෑ..Pitch එකට අනුව තමයි Team එක Select කරන්නේ
04:50
Video thumbnail
"මේ කුණු මාළු මෙහෙ තියෙන්නේ.."SLS සහතිකය නොමැතිව කරගෙන ගිය ටින්මාළු නිෂ්පාදනය කරන තැනක් වටලපු හැටි..
13:44


?