නාගලගම් වීදිය කුඩු නිලූගේ පුතාගේ ඝාතකයින් අල්ලයි

ග්‍රෑන්ඩ්පාස්, නාගලගම් වීදිය ප්‍රදේශයේ දී තියුණු ආයුධවලින් කපා කොටා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සැකකරුවන් පස්දෙනෙකු ඊයේ (06) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

“නාගලගම් වීදිය කුඩු නිලූ ” නමැති මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියගේ පුත්‍රයා මෙලෙස ඝාතනය කර තිබූ අතර,මෙම ඝාතනයට සම්බන්ධ සැකකරුවන් සමඟ අපරාධය සඳහා යොදාගත් කඩු දෙකක් සහ ත්‍රිරෝද රථයක් ද පොලිස් භාරයට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

ඝාතනයට ලක්වූ පුද්ගලයා සෙල්වකුමාර් ශමාල් සසිදු නැමැති 25 හැවිරිදි වියේ පසු වූ අයෙක්.

මෙම පුද්ගලයා ඉකුත් 05 වන දින තවත් පිරිසක් සමඟ ත්‍රීරෝද රථයකින් ග්‍රෑන්ඩ්පාස්, නාගලම් වීදිය ප්‍රදේශයේ ගමන් කරමින් සිටියදී  සැකකරුවන් තියුණු ආයුධ ඇතැතිව ත්‍රිරෝද රථය පසුපස හඹා ඒමත් සමඟ රථයෙන් බැස අසල පිහිටි වෙළඳසැලක් තුළට දිව ගොස් තිබෙනවා.

එහිදී ඔහු පසුපස හඹා ආ ඝාතකයින් තියුණු ආයුධවලින් අමානුෂික ලෙස පහර දී පළා ගොස් ඇති බවයි වාර්තා වුණේ.

අනතුරුව බරපතළ තුවාල ලබා සිටි එම පුද්ගලයා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇති අතර ඒ වනවිටත් ඔහු මියගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.

මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ඇති වූ මුදල් ආරවුලක දී මීට පෙර සිදු වූ පහරදීමකට අදාළව මෙම ඝාතනය සිදුකර ඇති බවයි විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර අපරාධය සම්බන්ධ ප්‍රධාන සැකකරු ද සිටින අතර මොවුන් වැල්ලම්පිටිය, නාගලම්විදිය සහ වෙන්නවත්ත ප්‍රදේශවල පදිංචිකරුවන්.

සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇයි ජනපතිතුමා මේ රිපෝට් හැංගුවේ..?DV චානක ආණ්ඩුවේ කෙරුවාව හෙළිකරයි
08:58
Video thumbnail
මහින්ද රාජපක්ෂගේ සිස්ටම් එකමයි තාම යන්නේ
12:37
Video thumbnail
ලාල් කාන්තගේ කතාවට චාමර සම්පත් රිදෙන්නම දෙයි
07:49
Video thumbnail
22වන සංශෝධනය සමඟ මාලිමාවේ ඒකාධිපති බළලා මල්ලෙන් එළියට එනවා - පොහොට්ටුවෙන් චෝදනා
05:54
Video thumbnail
ග්‍රෙගරි වැවේ බිහිසුණු අනතුරේ ඇත්ත කතාව එළියට - "ගිනිගයි කියන බයට පෙරලුවේ ඒක"
06:20
Video thumbnail
චාමර සම්පත් පාර්ලිමේන්තුව දෙවනත් කරයි - අඩියක් ගහනවා, චූන් එකේ ඉන්නවා
08:56
Video thumbnail
කාලයට වැසි වැටේවා. කෙත්වතු සශ්‍රීක වේවා. ලෝකයා සතුටින් සිටීවා. රජු ධාර්මික වේවා.
00:24
Video thumbnail
සජිත්ගේ කතාවට බිමල් සැර වෙයි - මන්ත්‍රීවරුන්ව එහෙම කැඳවන්න බෑ
11:19
Video thumbnail
කොළඹ - ගාල්ල ප්‍රධාන මාර්ගයට ගලා ආ මුහුදු ජලය කළ විනාශය - ධාවන කටයුතුවලටත් බාධා
07:29
Video thumbnail
නීතිඥ සංගමය පාර්ලිමේන්තුවට එනවා - සජිත්ගෙන් ආරාධනාවක්
19:12