AFC Banner
Empty Ad
Empty Ad

නෙදර්ලන්තය ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබයි

සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ සුපිරි 6 දෙනාගේ වටයේ අද පැවති තරගයෙන් ජය ගනිමින් නෙදර්ලන්තය ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගත්තා.

ස්කොට්ලන්ත කණ්ඩායම සමග අද මෙම තරගය පැවැත්වුණේ බුලවායෝහිදීයි.

කාසියේ වාසිය දිනූ නෙදර්ලන්තයේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් ස්කොට්ලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 277ක් ලබා ගත්තා.

Brandon McMullen ලකුණු 106යි. හයේ පහර 3ක් සහ හතරේ පහර 11ක් පන්දු 110කින් ලබා ගත් ඔහුගේ ලකුණු 106ට අයත්.

නායක Richie Berrington ලකුණු 64ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී Bas de Leede නෙදර්ලන්ත කණ්ඩායමේ කඩුලු 5ක් බිඳහෙලුවා.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් නෙදර්ලන්තය පන්දුවාර 42යි පන්දු 5ක් අවසානයේ ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 6ක් දැවී තිබියදීයි.

ස්කොට්ලන්ත කණ්ඩායමේ කඩුලු 5ක් බිඳහෙලූ Bas de Leede පිතිකරණයේදී වේගවත් ලකුණු 123ක් ලබා ගත්තේ පන්දු 52කට මුහුණ දෙමින්. ඒ හයේ පහර 5ක් සහ හතරේ පහර 7ක් ද සමගයි.

Vikramjit Singh ලකුණු 40ක් රැස් කළා.

මෙම ජයග්‍රහණයත් සමග නෙදර්ලන්තය ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබනවා.

මේ අතර සුපිරි 6 දෙනාගේ වටයේ තවත් තරගයක් හෙට පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතරයි.

හරාරේහිදී පැවැත්වෙන එම තරගය මෙරට වේලාවෙන් දහවල් 12.30ට ආරම්භ වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
4
+1
2
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිතට නරක සිතුවිල්ලක් ආපුවාම - ඒක එවලේම අමතක කරලා දාන්න
09:33
Video thumbnail
8වන අනුප්‍රාප්තික විධායක ජනපති කළ අවසාන කතාව සම්පූර්ණයෙන් අහන්න
10:55
Video thumbnail
නුගේගොඩ වේදිකාවෙන් බැස්ස අනුරව වටකරගනී - හිමිනමක් අනුරව වැළඳ ගනී#anurakumaradissanayake
03:49
Video thumbnail
බල පෙරළිය ඇරඹෙයි - TNA ප්‍රබලයෙක් රනිල්ගේ සහයට
10:08
Video thumbnail
ජෝතිෂ්‍යට අනුව දිනන්නේ රනිල් - බුද මහ දසාවේ - සිකුරු අන්තරේ
02:07
Video thumbnail
සජිත්ගේ අවසන් රැළියට මහ සෙනගක් #sajithpremadasa
04:31
Video thumbnail
සජිත්ගේ වේදිකාවට අවසාන මොහොතේ නැගපු නිදහස් පක්ෂයේ ප්‍රබලයා
03:09
Video thumbnail
"එයා වාද විවාධ වලට යන්නේ නෑ" - ටිල්වින් - සජිත් නැත්තට නැති කරයි
05:37
Video thumbnail
සජිත් - නාමල් හොරෙන් ගහපු සන්ධානය ගැන විශේෂ හෙළිදරව්වක්
05:14
Video thumbnail
AKD නුගේගොඩ දෙවනක් කළ අවසන් සුපිරි කතාව#anurakumaradissanayake #npp
05:48

?