නෙදර්ලන්තය ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබයි

සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ සුපිරි 6 දෙනාගේ වටයේ අද පැවති තරගයෙන් ජය ගනිමින් නෙදර්ලන්තය ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගත්තා.

ස්කොට්ලන්ත කණ්ඩායම සමග අද මෙම තරගය පැවැත්වුණේ බුලවායෝහිදීයි.

කාසියේ වාසිය දිනූ නෙදර්ලන්තයේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් ස්කොට්ලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 277ක් ලබා ගත්තා.

Brandon McMullen ලකුණු 106යි. හයේ පහර 3ක් සහ හතරේ පහර 11ක් පන්දු 110කින් ලබා ගත් ඔහුගේ ලකුණු 106ට අයත්.

නායක Richie Berrington ලකුණු 64ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී Bas de Leede නෙදර්ලන්ත කණ්ඩායමේ කඩුලු 5ක් බිඳහෙලුවා.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් නෙදර්ලන්තය පන්දුවාර 42යි පන්දු 5ක් අවසානයේ ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 6ක් දැවී තිබියදීයි.

ස්කොට්ලන්ත කණ්ඩායමේ කඩුලු 5ක් බිඳහෙලූ Bas de Leede පිතිකරණයේදී වේගවත් ලකුණු 123ක් ලබා ගත්තේ පන්දු 52කට මුහුණ දෙමින්. ඒ හයේ පහර 5ක් සහ හතරේ පහර 7ක් ද සමගයි.

Vikramjit Singh ලකුණු 40ක් රැස් කළා.

මෙම ජයග්‍රහණයත් සමග නෙදර්ලන්තය ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබනවා.

මේ අතර සුපිරි 6 දෙනාගේ වටයේ තවත් තරගයක් හෙට පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතරයි.

හරාරේහිදී පැවැත්වෙන එම තරගය මෙරට වේලාවෙන් දහවල් 12.30ට ආරම්භ වීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16