නතාෂාගේ සිද්ධිය ගැන පෙත්සමක් ප්‍රතික්ෂේප වෙයි

බුදු දහමට අපහාස කළේ යැයි සැකපිට නතාෂා එදිරිසූරිය අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පැවැත්වූ මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ වූ අදහස්වලින් අධිකරණයට අපහාසයක් සිදු වී තිබේ දැයි විමර්ශනයක් සිදුකරන ලෙස කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් කරන ලද නියෝගයකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ආරම්භ කර තිබෙන විමර්ශනය අත්හිටුවීමේ අතුරු නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනු කරනු පෙත්සමක් කොළඹ මහාධිකරණය ප්‍රතික්ෂේප කළා.

කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා විසිනුයි අද මෙම තීන්දුව ලබා දුන්නේ. මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

පෙත්සම්කාර මාධ්‍යවේදියා ප්‍රකාශ කර ඇත්තේ අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බලයක් නොමැති බවයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව එවැනි පරීක්ෂණයක් පැවැත්වීමට බලය පැවරී තිබෙන්නේ අභියාචනාධිකරණයට පමණක් බවත් එවැනි පරීක්ෂණයක් පැවැත්වීමට මහේස්ත්‍රාත් අධිකරණයට බලයක් නොමැති බවත් එම පෙත්සමේ සඳහන් කර තිබුණා.

එහෙත් එම පෙත්සම සම්බන්ධයෙන් නියෝගය නිකුත් කරමින් මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කළේ මෙම පෙත්සම තුන්වන පාර්ශ්වයක් විසින් ඉදිරිපත් කර ඇති බවයි.

එම විමර්ශනයේ සැකකරුවකු වශයෙන් පෙත්සම්කරු නම් කර නොමැති බව පෙන්වා දුන් මහාධිකරණ විනිසුරුවරයා මහේස්ත්‍රාත්වරයෙකුට තොරතුරක් ලද විට ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන ලෙස නියෝග නිකුත් කිරීමට හැකියාව පවතින බව සඳහන් කළා.

එම විමර්ශනය යටතේ පෙත්සම්කරු සැකකරු වශයෙන් නම් කිරීම හෝ අත්අඩංගුවට ගැනීමක් සිදු කර නොමැති හෙයින් මෙම අවස්ථාවේදී බැලූ බැල්මටම නඩු නිමිත්තක් අනාවරණය නොවන බවයි විනිසුරුවරයා පෙන්වා දුන්නේ.

ඒ අනුව පෙත්සම ප්‍රතික්ෂේප කරන බවත් විනිසුරුවරයා නියෝග කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා නායගිය තැන්වල තවම පස් ඉවත් කරලා නෑ - කඳුරේ වතුර ආවොත් මුළු පාරම වැහෙනවා
05:40
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46