ශීතකරණයක බහා තබාගත් බිරිඳගේ මළ මිනිය පොලිසිය සොයාගෙන

මිය ගිය බිරිඳගේ දේහය සැමියා විසින් ශීතකරණය බහා තබාගෙන සිටිය දී පොලිසිය විසින් සොයාගත් පුවතක් ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයෙන් වාර්තා වනවා.

අදාළ කාන්තාව පසුගිය සිකුරාදා මියගොස් ඇති අතර, සැමියා විසින් ඇයගේ දේහය දින කිහිපයක් මෙලෙස නිවසේ ශීතකරණයේ බහා තබාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කෙසේ වෙතත් මියගිය කාන්තාවගේ සහෝදරයා චෝදනා කරන්නේ තම සහෝදරිය ඝාතනය කිරීමෙන් පසු අයගේ සැමියා විසින් මෙලෙස සඟවා තබාගෙන සිටි බවයි.

කෙසේ වෙතත් පොලිසිය විසින් අදාළ මළ සිරුර සොයා ගැනීමෙන් පසු සැමියා පවසා ඇත්තේ තම 40 හැවිරිදි බිරිඳ සෙංගමාලය වැළඳීමෙන් ජීවිතක්ෂයට පත් වූ බවයි.

අවමංගල්‍ය කටයුතු සඳහා මුම්බායි සිට තම පුතා නිවසට පැමිණෙන තෙක් තමන් සිය බිරිඳගේ මෘත දේහය මෙලෙස ශීතකරණය බහා තබාගෙන සිටි බවයි ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ.

කාන්තාවගේ මරණයට හේතුව සොයා බැලීම සඳහා ඇයගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණයකට යොමු කිරීමට පොලිසිය කටයුතු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
3
+1
2
+1
1
+1
15
+1
5
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?