ශීතකරණයක බහා තබාගත් බිරිඳගේ මළ මිනිය පොලිසිය සොයාගෙන

මිය ගිය බිරිඳගේ දේහය සැමියා විසින් ශීතකරණය බහා තබාගෙන සිටිය දී පොලිසිය විසින් සොයාගත් පුවතක් ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයෙන් වාර්තා වනවා.

අදාළ කාන්තාව පසුගිය සිකුරාදා මියගොස් ඇති අතර, සැමියා විසින් ඇයගේ දේහය දින කිහිපයක් මෙලෙස නිවසේ ශීතකරණයේ බහා තබාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කෙසේ වෙතත් මියගිය කාන්තාවගේ සහෝදරයා චෝදනා කරන්නේ තම සහෝදරිය ඝාතනය කිරීමෙන් පසු අයගේ සැමියා විසින් මෙලෙස සඟවා තබාගෙන සිටි බවයි.

කෙසේ වෙතත් පොලිසිය විසින් අදාළ මළ සිරුර සොයා ගැනීමෙන් පසු සැමියා පවසා ඇත්තේ තම 40 හැවිරිදි බිරිඳ සෙංගමාලය වැළඳීමෙන් ජීවිතක්ෂයට පත් වූ බවයි.

අවමංගල්‍ය කටයුතු සඳහා මුම්බායි සිට තම පුතා නිවසට පැමිණෙන තෙක් තමන් සිය බිරිඳගේ මෘත දේහය මෙලෙස ශීතකරණය බහා තබාගෙන සිටි බවයි ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ.

කාන්තාවගේ මරණයට හේතුව සොයා බැලීම සඳහා ඇයගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණයකට යොමු කිරීමට පොලිසිය කටයුතු කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
00:00
Video thumbnail
වන සංරක්ෂන නිලධාරින් හා ගම්වාසීන් අතර උණුසුම් තත්ත්වයක් - ඔයා මොකද වීඩියෝ කරන්නේ ?
12:25
Video thumbnail
වී ලොරිය පසුපස හඹා ආ වන අලියා - අලියට බයේ රිවස් එකට ගිය වාහන
00:51
Video thumbnail
ඥානසාර හිමි ගැන දුමින්ද කට අරියි - සිවුරට ගි#නි තියන්න සූදානම් වෙන්න එපා
03:47
Video thumbnail
වන අලියා ළඟ බයික් එකේ වාඩිවෙලා විදේශිකයා ගත්ත Fun එක - කිසි බයක් නැතුව ඉන්න හැටි
00:42
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21