ජමාත් ඉස්ලාම් සංවිධානයේ හිටපු සභාපතිවරයෙක් TID අත්අඩංගුවට

ජමාතේ ඉස්ලාම් සංවිධානයේ හිටපු සභාපති රෂිඩ් අක්බාර් දෙමටගොඩදී පොලිස් ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. වහාබ් වාදය සහ ජිහාඩ් වාදය සම්බන්ධයෙන් මත පැතිරවීම සිදු කර ඇති බැවින් මෙලෙස මෙම පුද්ගලයා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.